මාධ්‍යවේදීන්ට නිදහසේ රාජකාරි කරන්න අවකාශය ලබාදිය යුතුයි

මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කරන්න අවකාශ ලබා දිය යුතු බවත් , ඔවුන් මේ දෙපාර්ශවයටම අදාළ නැති තුන්වෙනි පාර්ශවයක් බැවින් ඔවුන්ගේ නිදහස් වාර්...

මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කරන්න අවකාශ ලබා දිය යුතු බවත් , ඔවුන් මේ දෙපාර්ශවයටම අදාළ නැති තුන්වෙනි පාර්ශවයක් බැවින් ඔවුන්ගේ නිදහස් වාර්තාකරණයට පහරදීම සුදුසු නොවන බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .

අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවකයින් විසින් විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

'' මේ පිළිබඳව මම දීර්ඝ ලෙස අගමැතිතුමත් වරාය බාර අර්ජුන අමාත්‍යතුමත්, මලික් සමරවික්‍රම ඇමතිතුමත් සමගත් සාකච්ඡා කළා.මේ ඉන්න දරුවො තරුණ කණ්ඩායමක්. ඉතින් ඒ අයට රැකියා සුරක්ෂිතභාවයක් ඇතිවෙන්න ඕන කියන මතයේ ඉඳගෙන තමයි සාකච්ඡා ක‍ළේ.ඒ වෙලාවෙදි ඉදිරිපත් කළ ගැටළුවක් ලෙස කිව්වෙ මේ අයට පත්වීම ලබාදීල තියෙන්නෙම හම්බන්තොට වරායට බවත් වරාය අධිකාරියට සම්බන්ධයක් නැති බවත් තමයි.

කෙසේ වෙතත් මේ අයගෙ ඉල්ලීම වෙලා තියෙන්නෙ මේ සියලු දෙනාට වරාය අධිකාරියේ රැකියා ලබාදෙන්න කියලා.ඒ අයගේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන්න කියල තමයි ඒ අයගේ ඉල්ලීම වෙලා තියෙන්නෙ. මම බලාපොරොත්තුවෙනවා අද කථාකරලා කිසියම් හෝ සාධාරණයක් ඉෂ්ටකරලා දෙන්න.මේ කණ්ඩායම එළියට දාලා තවත් කණ්ඩායමක් ඇතුළු කිරීමට මට අවශ්‍යතාවයක් නෑ.

''මේ ගොල්ලා රු.10000/- පුහුණුවකට ඇවිල්ලා දැන් අවුරුදු 03ක් ඉතාමත් මහන්සියෙන් වැඩ කරපු කණ්ඩායමක්.ඒ වගේම බොහොම දුෂ්කරව ජීවත්වෙන කණ්ඩායමක් බව මම දන්නවා.ඒ අයගේ රැකියා සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාවය තමයි අපටත් තියෙන්නෙ.ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර් ග ගන්නවා. ප්‍රායෝගික ගැටළුවක් විදියට තියෙන්නෙ වරාය අධිකාරියෙ පුරප්පාඩු නෑ කියන එක.

ඒ වගේම ඉන්න කට්ටියට ස්වේච්ඡා වන්දි ක්‍රමයක් ලබන අවුරුද්දෙ හඳුන්වලා දෙන්න යන බවත් තමයි අමාත්‍යතුමා කිව්වෙ.ඉතාමත් සංවේදී ගැටළුවක් .මේක විසඳුම් ලබාගතයුතු ප්‍රශ්නයක් විදියටත් මම දකිනවා.''



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1704193816721390433

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item