බෝම්බ බියක් නිසා රාත්‍රී බදුලු දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත‍්‍රී තැපැල් දුම්රිය ඊයේ (26) පැය දෙක හමාරක පමණ කාලයක් ප‍්‍රමාද වී ධාවනය කෙරුණා. ...

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත‍්‍රී තැපැල් දුම්රිය ඊයේ (26) පැය දෙක හමාරක පමණ කාලයක් ප‍්‍රමාද වී ධාවනය කෙරුණා. ඒ, බෝම්බයක් සහිත පාර්සලයක් ඇති බවට පොලිසියට ලැබුණු ඇමතුමක් අනුව අදාළ දුම්රිය හදිසි පරීක්ෂාවකට ලක්කිරීම හේතුවෙන්.

රාත‍්‍රී 8.00ට පමණ දුම්රියේ සිටි සියලු මගීන් ඉවත් කර විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව හදිසි සෝදිසි කිරීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් එහි තිබී සැකකටයුතු පාර්සලයක් හමු වී නැහැ. ඒ අනුව දුම්රිය සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමෙන් පසු රාත‍්‍රී 10.25ට පමණ බදුල්ල බලා ගමන් ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7030864039044082043

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item