චීන තානාපති, ජනපති හමුවේ - ඩීල් එලියට?

පසුගිය දා රජයේ පාර්ශවකරුවකු වන ජාතික හෙල උරුමය මාධ්‍ය වෙත කියා සිටියේ හම්බන්තොට වරාය අවුරුදු 99ක කාලයකට ඩොලර් බිලියන 1.2 කට විකිණීම පිටුප...

පසුගිය දා රජයේ පාර්ශවකරුවකු වන ජාතික හෙල උරුමය මාධ්‍ය වෙත කියා සිටියේ හම්බන්තොට වරාය අවුරුදු 99ක කාලයකට ඩොලර් බිලියන 1.2 කට විකිණීම පිටුපස මෙගා ඩීල් එකක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ඒ අනුව මෙම ඩීල් එකට සම්බන්ධ ඇමතිවරුන් හදිසියේම විදෙස්ගත වී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල ලබා ගැනීමට කටයුතු කල බවටද හෙල උරුමය සැක පහල කරන බවද පැවසීය.

නමුත් එම චෝදනාව සම්බන්ධයෙන් මෙතෙක් රජය හෝ අගමැති හෝ පිලිතුරක් ලබාදීමට කටයුතු කොට නොමැති අතර රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන චම්පික රණවක අමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂයේ මෙම චෝදනාව ලෙහෙසියෙන් බැහර කල ද නොහැකිය.

මෙවනි අවස්ථාවක චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තනාපතිවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සරිසේන මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. හම්බන්තොට වරාය චීනයට පැවරීමේදි සිදු වී ඇති මෙගා ඩීල් සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා දැනුවත් කොට ඇත. ඒ අනුව රජයේ ඉහළම මට්ටමේ සාකච්ඡා පවත්වා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවකට පැමිණිමට බොහෝ දුරට ඉඩ ඇති බවද ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8815298623230483754

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item