ISIS ගැන ප්‍රකාශය - ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ

ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනකු ISIS හෙවත් 'ඉස්ලාමීය රාජ්‍යය' සංවිධානයට බැඳී ඇති බවට තමන් සතුව තිබෙන තොරතුරු නිවේදනය කළ බව පවසන අධික...

ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනකු ISIS හෙවත් 'ඉස්ලාමීය රාජ්‍යය' සංවිධානයට බැඳී ඇති බවට තමන් සතුව තිබෙන තොරතුරු නිවේදනය කළ බව පවසන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් සඳහන් කරයි.

ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනකු ISIS සංවිධානයට බැඳී ඇතැයි අධිකරණ ඇමතිවරයා මීට ඉහතදී කළ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරන බව රජයේ ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, එවැනි කිසිදු වාර්තාවක් ලැබී නැතැයි ජනාධිපතිවරයා සහ ආරක්ෂක මණ්ඩලය තහවුරු කර ඇති බවද සඳහන් කරමිනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් අධිකරණ ඇමතිවරයා කියා සිටියේ, ඒ ප්‍රකාශය කළේ තමන් සතුව තිබෙන තොරතුරැ අනුව බවයි.

ජනාධිපතිවරයා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර ඇතිනම් ඒ ගැන ඔවුන්ගෙන් විමසිය යුතු බවත් ඔහු පැවසීය.

අන්තවාදීන් සංවිධාන හේතුවෙන් ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය පිළිබඳව සියළු ආගමික නායකයන් කැඳවා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඔහු සඳහන් කළේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර 'සර්' නමින් හැඳින්වූ පුද්ගලයකුට දූෂණ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ලබාදීම බරපතල ගැටළුවක් බවත් අධිකරණ ඇමතිවරයා මාධ්‍ය හමුවේදී පිළිගත්තේය.

ඒ පිළිබඳව කරුණු විමසා ව්‍යවස්ථා සභාව විසින් තීරණයක් ලබාදෙනු ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

(බිබිසි සංදේශය)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5201831300119648312

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item