හෙට වර්ජනේට UBER, PickMe නැහැ
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත දීප ව්‍යාප්ත ප්‍රවාහන වර්ජනය සඳහා තමන් එක් නොවන බව මෙරට කුලී රථ සේවා සපයන ප්‍රමුඛ ආය...
http://www.sathhanda.com/2016/12/uber-pickme.html
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත දීප ව්‍යාප්ත ප්‍රවාහන වර්ජනය සඳහා තමන් එක් නොවන බව මෙරට කුලී රථ සේවා සපයන ප්‍රමුඛ ආයතන දෙකක් වන UBER සහ PickMe සේවාවන් කියා සිටී.
අද මධ්‍යම රාත්‍රියේ සිට පුද්ගලික බස් රථ, දුම්රිය, ත්‍රීවීල් සහ පාසැල් වෑන් රථ මෙම දීප ව්‍යාප්ත ප්‍රවාහන වර්ජනය සඳහා එක්වන බව නිවේදනය කර තිබිණි.
රජයේ නව අයවැය යෝජනාවලට අනුව රථවාහන වැරදි 7 ක් සඳහා අයකරනු ලැබූ දඩ ගාස්තු රු. 25,000 ක් දක්වා ඉහළ නැංවීමට එරෙහිව පුද්ගලික බස් රථ, ත්‍රීවීල් සහ පාසැල් වෑන් රථ මෙම වර්ජනයට එක්වන බව සඳහන් අතර ඉල්ලීම් 04ක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිතිද අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනයක නිරත වන බව නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් පුද්ගලික බස් සංගම් සහ රාජ්‍ය අධිකාරීන් සමඟ හමුවක් අද (01) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
Related