ලිබියානු මගී ගුවන් යානයක් පැහැරගනී - මගීන් නිදහස් කෙරේ (VIDEO)

මගීන් 118 දෙනෙකු සමග පැහැර ගැනුණු ලිබියානු ගුවන් යානය ඇෆ‍්‍රිකියාහ් ගුවන් සේවයට අයත් යානාවක් බව විදෙස් වාර්තා අනාවරණ කරනවා.   අත් බෝම්බ...

මගීන් 118 දෙනෙකු සමග පැහැර ගැනුණු ලිබියානු ගුවන් යානය ඇෆ‍්‍රිකියාහ් ගුවන් සේවයට අයත් යානාවක් බව විදෙස් වාර්තා අනාවරණ කරනවා.
 
අත් බෝම්බයක් රැගත් පුද්ගලයෙකු යානය පුපුරුවාහරින බවට තර්ජනය කරමින් පැහැරගැනීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

පසුව යානය මොල්ටාවට ගොඩබාන ලදී.
 
පැහැරගැනුණු යානයේ මගීන් අතර කාන්තාවන් 22ක් , පිරිමි පුද්ගලයින් 88ක් සහ කුඩා බිළිඳෙකු ද සිටි බව සඳහන්. ඊට අමතරව කාර්යය මණ්ඩලයේ 7 දෙනෙකු ද යානයේ රැඳී සිට තිබෙනවා.

යානය පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා ආරක්ෂක අංශ වෙත යටත් වීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගත් බව මෝල්ටා අග‍්‍රාමාත්‍ය ජෝසෆ් මස්කට් පවසනවා.මෙම පැහැරගැනීමට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනා ගඩාෆි හිතවාදීන් බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. යානයේ සිටි මගීන් ද නිදහස් කර ගැනුණු බව විදෙස් වාර්තා අනාවරණ කළා.

ගුවන් යානය පැහැරගැනීමට යොදාගත් අත්බෝම්බයක් සහ ගිනිඅවියක් පොලිස් භාරයට ගැනුණා. පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ගුවන් යානය පැහැරගැනීමට යොදාගත් ගිනිඅවිය සැබෑ එකක් නොවන බවයි.මේ අතර පැහැරගැනීම සිදුකළ දෙදෙනා ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිගේ ආධාරකරුවන් බවද විදෙස් වාර්තාවල සඳහන්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2925201124071958441

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item