රු.කෝටි 12ට ආසන්න ගල් අඟුරු ගැහිල්ලක්

සැබෑ මිලට වඩා ඩොලර් 10 ක් වැඩි මිලට ගල් අඟුරු ගෙන්වීම නැවත ආරම්භ කර ඇති බවට දූෂණ විරෝධී පෙරමුණ පවසයි. එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ ...

සැබෑ මිලට වඩා ඩොලර් 10 ක් වැඩි මිලට ගල් අඟුරු ගෙන්වීම නැවත ආරම්භ කර ඇති බවට දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, කැෆේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් යන අයගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එම නිවේදනයේ මෙසේද දැක්වෙයි. 

කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අඟුරු මිලදී ගැනීම නැවත අරඹා ඇත. 

නැවත ඇරඹී ඇති ගල් අඟුරු වංචාව මගින් මෙවර මිලදී ගන්නා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 10 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයක් මෙවර වැඩිපුර ගෙවීමට සිදුවේ. පළමු ගල් අඟුරු නැව මගින් මෙට්‍රික් ටොන් 60,000 – 64,000 දක්වා ප්‍රමාණයක් ගල් අඟුරු ගෙන්වීමට නියමිතය. පසුගිය සතියේ දී මේ සඳහා ණය (එල්.සී.) ලිපි විවෘත කොට ඇත. 

කැෆේ සංවිධානය මෙම දුෂිත ගනුදෙනුව නැවත ඇරඹීම පිළිබදව 2017 ජනවාරි 4 දින ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය. අගවිනිසුරු ප්‍රමුඛ ශේෂ්ඨාධිකරණය විසින් “මහජන මුදල් සම්බන්ධ බැවින් හෘ සාක්ෂිය කම්පා කළ බව“ කියු නඩු තීන්දුව මගින් ද, 2016 දෙසැ. 30 දින විගණකාධිපති වාර්තාව මගින් ද ගල් අඟුරු මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තහවුරු වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් උක්ත ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය “ශුන්‍ය සහ බල රහිත“ බව නිගමනය කොට ඇත. මේ වන විට මේ පිළිබ ඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ සුරේන් බටගොඩ ලේකම්වරයා ඇතුළු පිරිසට එරෙහිව “පොදු යහපතට සම්බන්ධයෙන්“ නඩුවක් විභාග වේ. 

2016 දෙසැම්බර් 30 දිනැති විගණකාධිපති වාර්තාව අනුව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ “යහපාලන රජය යටතේ“ සිදු වී ඇති දැවැන්ත ටෙන්ඩර් මගඩියක් බවට ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ වංචාව පත්ව ඇති බව පැහැදිලිය. මාස ගණනාවක් අතහැර දමා තිබූ ගල් අඟුරු ගෙන්වීමට එජාප - ශ්‍රීලනිප දේශපාලනඥයින් තිදෙනෙකු සෘජුව සම්බන්ධ වී ඇත. 

මේ පිිළිබඳ වැඩිදුරටත් අද දෙරණ කළ විමසීමකදී කැෆේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙමගින් රු.කෝටි 12ට ආසන්න අක්‍රමිකතාවක් සිදුවන බව හා පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ නොරොච්චෝලෙ වෙත ගෙනා මුළු ගල් අඟුරු ප්‍රමාණයෙන් ගසා කෑ ප්‍රමාණයට වඩා මේ මාස 4ක පමණ කාලයක් තුළ කරන ගසාකෑම විශාල බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2147476363701967326

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item