‘සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490 ක පාඩුවක්‘

‘මෙම බැඳුම්කර පරීක්ෂණය අපේ රටේ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව දූෂිත ක්‍රියා බැලීමේ නියැදි පරීක්ෂණයක්.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අ...

‘මෙම බැඳුම්කර පරීක්ෂණය අපේ රටේ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව දූෂිත ක්‍රියා බැලීමේ නියැදි පරීක්ෂණයක්.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද කීවේය. ඔහු එලෙස කීවේ බැඳුම්කර ගනුදෙනුව ගැන අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

‘‘සෘජුව හා වක්‍රව පර්පචුවල් සමාගම රුපියල් කෝටි 23,000ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව නිසා මාස 14ක් ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට ඇතිවී තිබෙන පාඩුව කෝටි 1490 යි. තමන් විශ්‍රාම යෑමේදී, ලෙඩකදි තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කළ මුදල. එය කණ්ඩායමක් විසින් ගිලගෙන තිබෙනවා. එම මුදල් ගලාගෙන ගියේ පර්පෙචුවල් සමාගමට. බැඳුම්කර මිලදී ගන්නා අනිත් සමාගම් සියයට තිස් ගණනකින් වත්කම් වර්ධනය කර ගනිද්දී පර්පෙචුවල් සමාගමේ වත්කම් 1853 % කින් වැඩි වෙළා. මේ කාලයේ මිලියන 13,000 ක ලාබයක් එම සමාගමට ලැබී තිබෙනවා. ‘‘ යයිද පැවසූ අනුර කුමාර දිසානායක, 

‘‘මෙම වංචාවට හවුල්වූවන් විගණකාධිපතිටත් බලපෑම් කළා. ඔහුගේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කරන්න උත්සාහ කළා. විගණකාධිපති දඬුකඳේ එල්ලා ගල් ගසා මරා දමන අකාරයෙනුයි පොදු ව්‍යාපාර කාරක සභාවේදී ඔහුගෙන් ප්‍රශ්න කරන්න ගත්තේ. එම සභාවෙදි විගණකාධිපතිට හා නිලධාරීන්ට එල්ල කළ තර්ජනයේ අදහස ඔවුන් බිය කිරීමටයි. ඒත් නිලධාරීන් ඊට යටත් වුණේ නෑ. '' යයිද පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2277054420823325106

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item