මෛත්‍රී - මහින්ද විදුරට කතා කරයි - ඉවත්වීමේ තීන්දුව 21දා
ලබන 21 වැනිදා හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය මණ්ඩලය කැඳවා තවදුරටත් මන්ත්‍රී ධුරයේ රැඳී සිටින්නේද, එසේත් නැතහොත් පාර්ලිමේන්තුවේ ස්ව...

http://www.sathhanda.com/2017/01/21.html

ආණ්ඩු පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පිළිබඳව කලකිරීමෙන් මෙම තීරණයට එළැඹි බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනතාවගේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පවා ආණ්ඩුව අසමත් වී තිබෙන බවත් ආණ්ඩුවේ එම වැඩපිළිවෙළ සම්බන්ධව විරෝධය පළකිරීමට ඒකාබද්ධ විපක්ෂය අසමත් වී ඇති බවත් ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
මහජනතාව විසින් පත්කළ මන්ත්‍රී ධුරයෙන් යන්න හිතුවේ ඇයි? යන්න එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ “මහජනතාව එක්ක, ඒ නිසයි මම කතා කරන්නෙ. 21 වැනිදාට මධ්‍ය සංවිධානයට හොරණ අපේ නිවසට එන්න කියලා තියෙනවා. එතැනදී තීරණයක් ගන්නවා. මගේ මන්ත්‍රී ධුරය ජනතාවට අයිති එකක්. මම කන්න බොන්න දීලා, සල්ලි දීලා නෙවෙයි මන්ත්‍රී ධුරය ලබාගත්තෙ. ඒ නිසා මිනිස්සුන්ට මම කියනවා මගේ අදහස මේකයි, පාදක වුණු කරුණු මේවා, ඔබ මට තීරණයක් දෙන්න කියලා.“ යනුවෙනි.
“හිටපු ජනාධිපතිතුමාත් දැන් ඉන්න ජනාධිපතිතුමාත් මට කතා කළා. ඒ දෙන්නට මම මේ ගැන කිවුවා. මහින්ද මහත්තයාට කිවුවා ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ ගැන මට සතුටු වෙන්න බැහැ කියලා. දැන් ඉන්න ජනාධිපතිතුමාට හාල් ප්‍රශ්නය ගැන කිවුවා. එතකොට ඔහු කිවුවේ ලබන මාසේ පිටරටින් හාල් ගෙන්වනවා, එතකොට අවුරුදු එකහමාරක් විතර පිටරටින් හාල් ගෙන්වන්න වෙනවා. ණය උගුලක පැටළිලා කියලා. හුඟක් කතන්දර කියනවා. එහෙමනම් තව ණය වෙන එකක් වෙන්නෙ.
ජනාධිපතිතුමා මාසයකට ඉස්සෙල්ලා කිවුවා වනාන්තර ආරක්ෂා කරන්න ගුවන් හමුදාව දානවා කියලා. මේ මොහොතෙත් සිංහරාජය හා නකල්ස් කපනවා. ශ්‍රීපාදයේ හෝටල් හදනවා. දේශපාලඥයන් මේ විදියට කැලෑ කපනවා. මේවා නවත්වන්න වැඩපිළිවෙළක් නැහැ.“ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Related