හම්බන්තොට ඉඩම් චීනයට පැවරීම 'තහනම් කරන්න'

සිය පාරම්පරික ඉඩම් පවරාගැනීමට උත්සාහ දරන බව පවසමින් හම්බන්තොට ප්‍රදේශවාසීන් උද්ඝෝෂණවල හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 15,000 ක් චීන ආයෝජ...

සිය පාරම්පරික ඉඩම් පවරාගැනීමට උත්සාහ දරන බව පවසමින් හම්බන්තොට ප්‍රදේශවාසීන් උද්ඝෝෂණවල
හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 15,000 ක් චීන ආයෝජකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

එබැවින් 'ඉතා රහසිගත ආකාරයෙන් සිදුකිරීමට සැරසෙන' මෙම ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය අවලංගු කරන්නැයි ඉල්ලා සිටිමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ ගනුදෙනුව තුලින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් සහ පෙත්සම විභාග කොට අවසන් තීරණයක් ලබාදෙන තුරු ඉඩම් පැවරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පණවන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.

ඉඩම් පැවරීමට අදාළ ගීවිසුම රජය විසින් අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව පවසන පෙත්සම්කරු, ගිවිසුමේ කොන්දේසි පිළිබඳව මහජනයා දැනුවත් කර නොමැති බවටත් චෝදනා කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමති මණ්ඩලයේ සාමාජිකයින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම්කර තිබේ.

සිය පාරම්පරික ඉඩම් චීන සමාගම්වලට පවරාදීමට උත්සාහ දරන බව පවසමින් පසුගිය සති කිහිපය මුළුල්ලේ හම්බන්තොට ප්‍රදේශවාසීහු උද්ඝෝෂණවල නිරතව සිටියහ.

එහෙත් හම්බන්තොට ජනතාවගේ පාරම්පරික ඉඩම් පවරා නොගන්නා බවටත්, ඉඩම් අක්කර 15,000 ක් චීන ආයෝජකයන්ට ලබා දෙනු ලබන්නේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙන්ම බවත් ප්‍රදේශ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ මහින්ද අමරවීර අමාත්‍යවරුන් ප්‍රතිඥා දී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1049487761011656900

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item