මුස්ලිම්වරුන්ට ගැහුවේ මහින්දගේ පිරිසක් - බොදු බලය

අලුත්ගම ඇතුළු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කරන පිර...

අලුත්ගම ඇතුළු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කරන පිරිසක් බවට සාක්ෂි ඇතැයි බොදුබල සේනා සංවිධානය පවසයි.

"ඔවුන්ගේ ගෝලයෝ, දැනුත් එකට ඉන්න, දැනුත් අපට විරුද්ධව කතා හදන කණ්ඩායමක් තමයි ඒ පහරදීම් කළේ කියලා අපට සාක්ෂි තිබෙනවා," බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරී, කථිකාචාර්ය ඩිලන්ත විතානගේ කියා සිටියේය.

බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරි ඩිලන්ත විතානගේ මහතා එම ප්‍රකාශය කළේ තම පාලනය බිඳ හෙළීමට බොදුබල සේනා සංවිධානය සම්බන්ධ වූ බවට හිටපු ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කළ බවටත් හිටපු ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයට චෝදනා කොට තිබිණි.

එම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ඩිලන්ත විතානගේ මහතා සඳහන් කළේ, මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල වූ ප්‍රහාරවලට බොදුබල සේනා සංවිධානයේ හෝ ඥානසාර හිමියන්ගේ සම්බන්ධයක් නොමැති බවය.

තම සංවිධානයට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන ලද මාධ්‍ය ආයතන, පුද්ගලයන් හෝ සංවිධානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2090634425919254564

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item