අදත්‍ විරොධතා - ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!

ආබාධිත රණවිරුවන් පිරිසකගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ගාලුමුවදොර දෙසට ඇතුළුවන කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා තිබේ. දෙමසකට පමණ ඉහතදීද ආ...

ආබාධිත රණවිරුවන් පිරිසකගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ගාලුමුවදොර දෙසට ඇතුළුවන කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා තිබේ.

දෙමසකට පමණ ඉහතදීද ආබාධිත රණවිරුවන් විසින් පැවැත්වූ විරෝධතාවකට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ අතර එම විරෝධතා ව්‍යාපාරයේදී ඊට සහය පිණිස පැමිණි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, හා තවත් තරුණියන් දෙදෙනෙකුට එළඹෙන 27 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ. 

මොවුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත්, එම නිසා ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස බලකරමින් ජනාධිපතිවරයාට සංදේශයක් බාරදීමට පැමිණි බවත් අද(25) දිනයේ විරෝධතාවට එක්ව සිටින ජාතික රණවිරු එකමුතුවේ කමිටු සාමාජික සරත් විජේතුංග පවසනවා.

මේවන විට අදාළ සංදේශය රැගෙන විරෝධතාකරුවන් නියෝජනය කරන සිව් දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඇති බව ද හෙතෙම කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8784678715224331426

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item