සීමා නිර්ණය අවුල් ජාලාවක්‌

මැතිවරණ කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවේ සඳහන් කරුණු රැසක්‌ වැරදි සහ පරස්‌පරතාවන්ගෙන් සමන්විත වන බවට තොරතුරු අනාවරණය වී ඇත. ...

මැතිවරණ කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවේ සඳහන් කරුණු රැසක්‌ වැරදි සහ පරස්‌පරතාවන්ගෙන් සමන්විත වන බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම වාර්තාව සකස්‌ කිරීම සඳහා පත් කරන ලද කමිටුවට කිසියම් බලපෑමක්‌ එල්ලවීම නිසා එය කඩිමුඩියේ සකස්‌ කිරීමෙන්a එහි දොaෂ ඇති වී තිබෙන බව වාර්තා වෙනවා.

සීමා නිර්ණ කමිටුවේ වාර්තාව එහි සභාපති අශෝක පීරිස්‌ මහතා විසින් පළාත්පාලන හා පළාත් සභා ඇමැති µයිසර් මුස්‌තාපා මහතා වෙත භාරදීමට පැමිණියත් ඒ වනවිට ඊට කමිටු සාමාජිකයන් දෙදෙනකු අත්සන් කර නොතිබීම නිසා වාර්තාව භාර ගැනීම ඇමැතිවරයා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී.

මෙම වාර්තාවට අනුව ඇතැම් පළාත් පාලන ආයතනවලට වැඩි සභික සංඛ්‍යාවක්‌ද ඇතැම් සභාවලට අඩු සභික සංඛ්‍යාවක්‌ ද ලබාදී ඇත.

ඒ අනුව දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 58937 ලෙස සඳහන් වන අතර ඊට ලබාදී ඇති සභික සංඛ්‍යාව 23 කි. සමන්තුරේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 68591 ලෙස දක්‌වා ඇත. එහෙත් ඊට ලබාදී ඇති සභික සංඛ්‍යාව 12 කි. උහන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 52137 කි. සභික සංඛ්‍යාව 17 කි.

සීමා නිර්ණ වාර්තාවට අනුව මුස්‌ලිම් හෝ දෙමළ වැඩි ජනගහනයක්‌ සිටින ඇතැම් ප්‍රදේශවලට සාපේක්‍ෂව අඩු සභික සංඛ්‍යාවක්‌ නම් කර ඇත.

එමෙන්ම ඇතැම් ස්‌ථානවල ජනගහනය විශාල වශයෙන් අසමාන වුවත් සමාන සභික සංඛ්‍යාවක්‌ ලබාදී ඇත.

කුච්චවේලි ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනගහනය 31200 කි. සභික සංඛ්‍යාව 10 කි. පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය 12703 කි. සභික සංඛ්‍යාව 10 කි. මොරවැව ප්‍රාදේශීය සභාව ජනගහනය 9939 කි. සභික සංඛ්‍යාව 10 කි. ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව ජනගහනය 8348 කි. සභික සංඛ්‍යාව 10 කි.

ඉතා අධික ජනගහනයක්‌ සහිත පළාත් පාලන ආයතන රැසක්‌ වාර්තාවට ඇතුළත්a කර ඇත. (උදාහරණයක්‌ ලෙස අඹගමුව ප්‍රාදේශීය සභාව දැක්‌විය හැක.) මෙහි ජනගහනය 203976 කි. යෝජිත සභික සංඛ්‍යාව 35 කි. ඒ අනුව සභික ජනගහන අනුපාතය 6182 කි. අනෙකුත් ප්‍රාදේශීය සභාවල ජනගහන තත්ත්වය සලකා බැලීමේදී අඹගමුව ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභා දෙකකට හෝ තුනකට වෙන් කළ යුතුව ඇති බව වාර්තා වෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1317218482468253806

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item