රනිල් අගමැති කර ජනාධිපති ගිනස් වාර්තාවක් තියයි

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පජෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය. ...

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පජෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය.

ජනවාරි 08 කළුකොඩි ඔසවමු

ජනවාරි 8 වෙනිදට මේ ආණ්ඩුවට දෙවසරක් සපිරෙනවා. මේ ආණ්ඩුවේ ප්‍රගතිය දෙස බැලීමේදි අපිට පේන්නේ කළු කොඩි එසවීමෙන් ආණ්ඩුවේ දෙවසර සැමරිය යුතු බවයි. එය ජාතියට සිහිපත්කිරීම සඳහා තමයි අප මේ මාධ්‍ය හමුව කැඳවුයේ. 2015 ජනවාරි 04 වෙනිදා මෙවැනිම මාධ්‍ය හමුවකින් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියා ආණ්ඩුව සිය පළමු සංවත්සරයට යන විට එරට අවුරුදු 10 කින් ආපස්සට ඇදගෙන ගොස් ඇති නිසා කළු කොඩි ඔසවා ආණ්ඩුවේ ගමන වැරදි කියන පණිවිඩය ආණ්ඩුවට ලබාදෙන ලෙසට. එදා ආණ්ඩුව පොලිසිය යවලා කළු කොඩි කැපීමේ ව්‍යාපෘතියක් හත් වෙනිදා ඉදන් පටන් ගත්තා. අභයාරාමයේ කළු කොඩි එසවෙනවද බලන්න 07 වෙනිදා රාත්‍රියේ ඉදන් පොලීසිය එතන යොදවා තිබුනා. කළු කොඩි යෙදු වාහන විශේෂ පරීක්ෂාවකට ලක්කලා. මේවා සිදු කලේ නීතිය නමන වෑල්ඩින් බාස් පොලිස්පති වෙන්නත් කලින්. එදා එහෙමනම් දැන් අපට හිතාගත හැකි රටේ අපරාධ රැල්ලත් වැඩි වෙලා තියෙන පසුබිමක ඒ සියල්ල මැඩීම පසෙක තබා පොලිස් නිලධාරීන් කළු කොඩි කපන්න යොදවා ගන්නට පුළුවන් බව. ඒ නිසා මෙවර මුහුණු පොතට පමණක් කළු කොඩි එසවීම සීමා කරන්න කටයුතු කරනවා. ඔබේ මුහුණු පොතේ හැදුනුම් පින්තූරය නැතිනම් තේරෙන සිංහලෙන් කියනවා නම් profile picture එක ලෙස කළු කොඩියක් යොදාගෙන මේ ආණ්ඩුවේ ගමන් මගට ඔබේ විරෝධය පල කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි සමස්ථ ජාතියෙන්ම ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ මේ ගමන් මග නිසා අද ලැජ්ජාවට කළකිරීමට පත්වෙලා තියෙන්නේ බුලත්කොලයට කතිරය ගහපු ලක්ෂ 58 නෙමේ. හංසයට කතිරය ගහපු ලක්ෂ 62. අපි පැතූ වෙනස මෙය නොවෙයි. මේ යන ගමන වැරදි කියන පණිවිඩය ආණ්ඩුවට දෙන්න හංසයට කතිරය ගහපු ලක්ෂ 62 ටත් දැන් අවස්ථාව උදා වෙලා. මුහුණු පොතේ කළු කොඩි ඔසවන්න ඔබත් අපි එක්ක එකතු වෙන්න කියලා අපි ඔවුන්ටත් කියනවා.

එයා ලෝක වාර්තාව තියද්දී මෙයා ශ්‍රී ලංකා වාර්තාව තියයි

මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කලේ ජනවාරි 08 ජනපති සිරිසේන මහතා තමන්ගේ තනතුර බාරගෙන පලවෙනි විනාඩි දෙක ඇතුලත දී. නීත්‍යනුකූලව පත්වුණු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන සිටින අගමැති වරයෙක් සිටියදී එම තනතුරේ කිසිම පුරක්පාඩුවක් සිදු නොවී තිබියදී තමයි මන්ත්‍රීධූර 46 පමනක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ලෙස පත්කරන්නේ. එතැනින්ම මෛත්‍රී ජනපති තුමන් සංඥාකලා මම යන්නේ වැරදි පාරේ කියලා. සමස්ත ලෝකයේම කිසිම රටක අගමැති ධූරය පුරප්පාඩු නොවී අගමැති වරයෙක් පත් කිරීමක් වාර්ථා වී නැහැ.

2015 මාර්තු මාසයේ පැවැත්විය යුතු පුංචි ඡන්දය මේ දක්වා කල් අරිමින් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට තවත් මරු පහරක් එල්ල කළා. අඩුම තරමින් 2017 මාර්තු මාසේ එනම් වසර දෙකට පසුවවත් මේ ඡන්දය පවත්වන්නට සූදානමක් නෑ. මෙතරම් පුංචි ඡන්දය කල් තැබු අවස්ථාවක් ලංකා ඉතිහාසසේ වාර්ථා වී නැහැ. අරක ලෝක වාර්ථාවක්. මේක ලංකා වාර්ථාවක්.

පසුගිය සතියේ පළාත් පාලන අමාත්‍යවරයා පුංචි ඡන්දය කල් දැමීම සදහා තම මාධ්‍ය හමුවේ අපූරු රංගනයක් ඉදිරිපත් කලා. සීමා නිර්ණය අභියාචනා කමිටුවේ සාමාජිකයන් පස්දෙනාගෙන් තුන්දෙනෙක් පමණයි අත්සන් තබා ඇත්තේ. ඒ නිසා එම වාර්ථාව එතුමන්ට භාර ගන්න බැහැ කියලා. එතුමන් එදා ලැඡ්ජාකලේ එතුමන්ට අමාත්‍ය ධූරය පිරිනමපු ජනපතිතුමන්ට විතරක් නෙමේ. එතුමන් ජනාධිපති නීතිඥයෙක් විදිහට සමස්ථ නීති ප්‍රජාවම ලැජ්ජාවට පත්කලා. එතුමන් නීතිඥයෙක් විදිහට හොදටම දන්නවා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය කමිටුවක තුන්දෙනෙක් එකම මතයක් ප්‍රකාශ කලොත් අනික් දෙන්නා කවර මතයක් දැරුවත් අර තුන්දෙනා විසින් දරන මතය තමයි පිලිගත් මතය බවට පත්වෙන්නේ.

උදාහරණයක් විදිහට ලක් ඉතිහාසයේ තීරණාත්මක ව්‍යවස්ථා සංශෝධනය තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. එහිදී විනිශ්චය කාරවරුන් පස්දෙනෙක් එය ෆෙඩරල් ව්‍යවස්ථාවක් නෙමෙයි ජනමත විචාරණයක් නැතුව මෙය සම්මත කළ හැකි කියලා. එවක අගවිනිසුරු ආර්.ෂර්වානන්ද මැතිතුමන් ඇතුළු විනිසුරන් පස්දෙනෙක් එම මතය දැරුවා. ජේෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආර් වණසුන්දර මැතිතුමන් ඇතුළු 4 දෙනෙක් මේක ෆෙඩරල් බවට මත පලකලා. ජනමත විචාරණයකට ලක්කල යුතු බවට මත පල කලා. නමුත් ඒ එක් විනිශ්චකාර වරයෙක්ගේ මතයකින් පමණක් බහුතරය ලැබුනු මතයට අනුව 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටේ නීතිය බවට පත්වුනා. මේ සරල කාරණයවත් නොදන්න ෆයිසර් මැතිතුමන් ජනාධිපති නීතිඥ ධූරයට සුදුසුද කියන එකනම් අපිට ප්‍රශ්නයක්.

ඒ වගේම කමිටු සාමාජිකයන් පස්දෙනාම ඉංග්‍රීසියෙන් සකස්කරන ලද වාර්ථාවට එකගයි. ඔවුන් අත්සන් කරන් නැත්තේ සිංහල හා දෙමළ පරිවර්ථනයන් බැලීමට අවශ්‍ය බව කියමින්. මේ අභියාචනා කමිටු වාර්ථාවයි. වැදගත් වාර්ථාව රවි ජයලත් මහතාගේ සභාපතිත්වයෙන් තිබුණු සීමා නිර්ණය කොමිසමේ වාර්ථාව . එම කොමිසම සිය වාර්ථාව එළි දැක්වුයේ සිංහලෙන් පමණයි. ඒක පලාත් පාලන අමාත්‍යාංශයෙන් තමයි පරිවර්තනය කරගත්තේ. වාර්ථාව හදපු භාෂාව සම්බන්ධයෙන් පමණයි කමිටු සාමාජිකයන් වග කිව යුතු. පරිවර්තන දෝෂයක් තිබේ නම් එයට පරිවර්තක විසිනුයි වගකිව යුත්තේ. ඒ නිසා පරිවර්ථන වාර්ථාවේ කිසිම අදාලත්වයක් නෑ කමිටු වාර්ථාවට අත්සන් තබන්න. එජාප නියෝජිතයා හා ශ්‍රීලනීප නියෝජිතයා මේ නියුක්ත වී සිටිනේනේ සිතාමතාම මැතිවරණ කල් දැමීමේ පක්ෂ නායකත්වයේ දුෂ්ඨ අරමුණු සඵල කර දීමේ කටයුත්තක. දෙදෙනාම මෙයට අත්සන් කිරීමට කොතරම් කාලයක් ගනීද කියා කාටවත් කියන්න බෑ. ඒ සදහා ඔවුන්ට නීතිමය බැදීමකුත් නෑ අහවල් දිනට පෙර අත්සන් කල යුතුයි කියලා. ඒ නිසා මේ දෙදෙනාගේම අත්සන් නොමැතිව වාර්ථාව පිළිගන් නැහැ කියන්නේ පුංචි ඡන්දය මේ කපේදි නෑ කියන එකයි.

මාධ්‍ය වේදීන් සට්ටැබියන් රීරි යකුන් ලෙස දුටු යමපාලනය

ඒ වගේම මේ දෙවසර තුල රජයේ මාධ්‍ය නිදහස දෙස බැළුවම අපිට පෙනෙන්නේ කුමක්ද? පළවෙනි වසරෙදි අපි දැක්කා පුවත්පත් කතුවරුන්ට මාධ්‍ය වේදීන්ට සට්ටැබි රාලලා රීරි යකා වැනි දේ කියමින් අපහාස කරමින් ගෙවුනු වසරක් විදිහටයි. දෙවැනි වසරෙදි අපහාසයන් නොනැවතී ක්‍රියාත්මක වෙන්නත් ගත්තා. සීඑස් එන් නාලිකා බලපත්‍රය අහෝසි කලා. හිරු දෙරණ නාලිකාවල බලපත්‍ර අහෝසිකරන බවට තර්ජනය කළා. මේ හරහා මේ අය මාධ්‍ය මර්ධනය තව පියවරකින් ඉදිරියට දැම්මා. පළමු වසරේ එසේ වී දෙවැනි වසරේ මෙසේ වුනි නම් තෙවන වසරේ කෙසේ වේ දැයි කියලා අපිට තාර්කිකව අනුමාන කල හැකියි. ඒ නිසා මතක තියා ගන්න මාධ්‍යවේදි මිතුරනි 2017 නුබට නම් සුබ වසරක් නෙවෙයි.

2019 වනතුරු බලා නොසිට 2017 ආණ්ඩුව පෙරලන්නේ ඇයි ?

ඒ වගේම ප්‍රජාත්‍රන්තවාදයට එල්ල කරන තව පහරක් තමයි කිසිම ජන වරමක් නැතුව අති ප්‍රබල ජනතා විරෝධයක් මැද ආණ්ඩුවේම ඇමතිවරුන්ගේ විරෝධතාව මැද මේ රට නොරටුන්ට විකිණිම. ආණ්ඩුව ඡන්දේ කාලේ කිව්වේ මාස 60කින් අලුත් රටක් කියලා නමුත් මාස 60 යද්දි එක රටක් නෙවෙයි රටවල් ගොඩක් හැදෙයි අලුතෙන්.මේ ආණ්ඩුවේ තේමාව වෙලා තියෙන්නේ අලුත් රටක්වත් රට පෙරටවත් නෙවෙයි උතුර කොටියට දකුණ නොරටුන්ට. උතුර එක පැත්තකින් ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් කොටියට දෙන්න හදන අතරේ දකුණ චීනයට ඇමරිකාවට ඉන්දියාවට කෑලි කඩලා දෙන්නයි හදන්නේ. මෙහෙම ගියොත් 2019 වසරේ අපි මේ රටේ බලය ලබා ගන්නා විට අපිට බාර ගන්න රටක් ඉතිරි වෙන්නේ නෑ. ඒ නිසා තමයි අපේ නායකයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ 2019 වනතුරු බලා ඉන්නේ නැතුව 2017 මේ රටේ බලය ලබා ගන්නවා කියලා. එක ඇමතිකෙනෙක් ඉල්ලා අස්වීම දුන්නා තව දෙන්නෙක් මේ මාසේ ඇතුලත දෙනවා. තව පස්දෙනෙක් ඊළග මාසයේ ඒවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 2019 වනතුරු නොසිට 2017 දීම මේ ආණ්ඩුව පෙරළන්න.

මාමාගේ අඩි පාරේ බෑනා යයිද ?

ජනාධිපති සහ අගමැතියි දෙන්නම ඊයේ පුන පුනා කියනවා 2020 වන තුරු මේ ආණ්ඩුව පවතිනවා කියලා ජනාධිපති සහ අගමැති කියනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව නම් ජනාධිපතිගේ ධූර කාලය අවසන් වෙන්න මාසයකට කලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ කියන්නේ 2019 දෙසැම්බර් 09ට කලින්. එහෙම නම් 2019 සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ හැකියි. ඒ කියන්නේ අද සිට අවුරුදු දෙකයි මාස අටකින් ජනපතිවරණය එනවා. නමුත් 2020 ගැන රටේ ලොක්කෝ දෙන්නාම කතා කරන නිසා අපි අහන්නේ පුංචි ඡන්දය වගේම රනිල් මැතිතුමාගේ මාමා ජේ ආර් ජයවර්ධන මැතිතුමා පාර්ලිමේන්තු මැතිවරණය අවුරුදු 6කින් කල් දැම්මා වගේ ඊළග ජනපතිවරණයත් කල් දැමීමේ කුමන්ත්‍රණයක් තිබෙන බවට සාධාරණ සැකයක් තිබෙනවා.

මේ පසුබිම මත ටොයියන්ට බයියන්ට දෙගොල්ලොන්ටම එකට එකතු වෙලා මේ ටොයියෝ බයියෝ විදහට අපි බෙදිලා හිටියත් මේ ආණ්ඩුවේ ගමන ගැන කාටත් තියෙන්නේ එක වගේ කල කිරීමක්. ඒ නිසා ඒ අයගෙන් අපි ඉල්ලා සිටිනවා පක්ෂ,ජාති, ආගම් පළාත් බේද සියල්ල පැත්තකින් තියලා මේ ආණ්ඩුවේ ගමනට විරෝධය පල කරන්නට ජනවාරි 08 වෙනිදා ඔබේ මුහුණු පොතේ හැදුනුම් ඡයාරූප (Profile Picture) කළු කොඩියකින් සරසන්න කියලා අපි සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 968976746377666382

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item