මේ රට පාලනය කරන්නේ කොළඹින් ද? බ්‍රසල්ස් නගරයෙන්ද?

මෙරටට ජී. එස්. පී. ප්ලස් සහනය ලබා දීම ඔස්සේ දෙමළ ඩයස් පෝරාව යාන්ත්‍රණයක් වශයෙන් එය පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත...

මෙරටට ජී. එස්. පී. ප්ලස් සහනය ලබා දීම ඔස්සේ දෙමළ ඩයස් පෝරාව යාන්ත්‍රණයක් වශයෙන් එය පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් ප්‍රකාශ කරයි.

ඔවුන් මුලින්ම උත්සාහ දරණ ලද්දේ රණවිරුවන්ව දංගෙඩියට යැවීමට බවත්, එම නිසා තමා මෙම රජය හරහා විදෙස් විනිසුරුවරුන් ගේන්න උත්සාහ දැරූ බවත් ඒ මහතා පෙන්වා දෙනු ලබයි.

ඒ අනුව ඔවුන්ගේ ඊළඟ යාන්ත්‍රණය මෙම ජී. එස්. පී. ප්ලස් සහනය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බැවින් එවිට මෙම රට පාලනය කරනු ලබන්නේ කොළඹින් ද එසේත් නැතිනම් බ්‍රසල්ස් නගරයෙන් දැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ ජී. එස්. පී. ප්ලස් සහනය මෙරටට ලබා දීම සඳහා පනවා ඇති කොන්දේසි සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අද (17) කොළඹදී පැවති මාධ‍්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පවසා සිටියේය.

“මේකෙ කොන්දේසි 58ක් තියෙනවා. ත්‍රස්තවාදී පනත අකුලා ගැනීම, එල් ටී ටී ඊ රැඳවියන් නිදහස් කිරීම, මහජන ආරක්ෂක පනත සංශෝධනය කිරීම, බන්ධනාගාර කළමනාකරණය කිරීම, යුක්තිය පසිඳලීමේ ක්‍රමය සංශෝධනය කිරීම, ආරක්ෂක පද්ධතිය ප්‍රතිව්‍යුහ ගත කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම හා ඉඩම් සංවර්ධන නීති වෙනස් කරන්න මේ කොන්දේසිවලින් යෝජනා කරනවා. යෝජනා කරනවා. ඒ වගේම හමුදා වියදම් ලබා දීම හා සංහිඳියාව වැනි කරණු සම්බන්ධයෙනුත් මේ කොන්දේසි හරහා අවධානය යොමු කරනවා. “

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී දැන් ඒකාබද්ධ විපක්ෂයට ඉඩක් ලබා නොදෙන බවයි. එසේම වරාය පිළිබඳ ප්‍රශ්නයේදී නිසි පරිදි ප්‍රකාශයක් ලබා ගැනීමට පවා ජනතාවට ඉඩ ලබා නොදුන් බවත් එතුමා පැවසීය. එසේම මෙසේ කෙදිනකවත් විදෙස් රටවල් වලින් බලපෑම් නොකළ බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3236334649710460999

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item