රාජපක්ෂලා හොරකම් කළ බවට එකම නඩුවක් වත් නෑ
රාජපක්ෂලා එක සත පහක් හෝ හොරකම් කළ බවට තාමත් නඩුවක් ගොනුකර නැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. ...
http://www.sathhanda.com/2017/01/blog-post_74.html
රාජපක්ෂලා එක සත පහක් හෝ හොරකම් කළ බවට තාමත් නඩුවක් ගොනුකර නැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ(09) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා මේ ආණ්ඩුවේ වගකිව යුතු ඇමති කෙනෙක් මාධ්‍ය ප්‍රකාශක රස්තියාදුකාරයෙක් හැසිරෙන ආකාරයේ කතාවත් රාජ්‍ය උත්සවයකදී කරනවා අපි දැක්කා. එතුමාගේ එක ප්‍රශ්නයකට අපි උත්තර දෙනවා එතුමාගේ ප්‍රකාශයේ තියෙනවා පෙළපාලි යන මිනිසුනේ පලයන් රාජපක්ෂවරුන්ගේ ගෙවල් වලට ඉල්ල ගනිල්ලා හොරකම් කරපු මුදල් කියලා. අපි රාජිත ඇමතිතුමාට කියනවා ඔබතුමාලා ජනාධිපතිවරනයේ දී කිව්වා මෙගාඩීල් ගැන මෙගා බොරු වලට රැවටිලා තමයි ජනතාව ඔබතුමන්ලාට ඡන්දේ දුන්නේ. ඒක නිසා ජනතාවට කියන්න එපා හොරු අල්ලන්න. ජනතාව ජනවරමක් දුන්නේ හොරු අල්ලන්න. රාජපක්ෂවරු හොරකම් කරලා තියෙනව නම් අල්ලලා හිරේ දාන්න නැතුව ජනතාවට කියන්න එපා එහෙම කියන එකේ තේරුම තමයි පහුගිය වසර දෙක තුළ පෙනිලා තියෙනවා එහෙම අල්ලන්න හොරකමක් කරලා නෑ කියලා.
එහෙම නැත්නම් මෙතුමන්ලා ඒවා වහගෙන ඉන්නවා දෙකෙන් එකක්. එදා මෙගාඩීල් ගැන කතා කරත් වසර දෙකක් වන විටත් සිගිති ඩීල් එකක් පිළිබදවවත් අධිකරණයේ කිසිම චෝදනා ගොනු කරලා නෑ. වාහනයක් වැඩිපුර පාව්ච්චි කළා, මැතිවරණ සමයේ කැරම්බෝඩ්, කොඩි කණු, ජනාධිපතිවරයාගේ රුව සහිත දින දර්ශන සහ ලිත් බෙදුවා මේවා තමයි දාලා තියෙන නඩු. එක සත පහක් හොරකම් කළා කියලා කිසිම නඩුවක් අද වනතුරු ගොනු කරලා නෑ.
මේ මේගාඩීල් චෝදනාව බොරුවක් රාජිත ඇමතිතුමනි. ඔය ගීතය පැරණි නාඩගම් ගීතයක්. ඔය ගීතයට ජනතාව චුන් වෙලා වැඩ වරද්ද ගෙන ඉන්නේ. ඒ නිසා නැවත ජනතාව චුන් වෙන්නේ නෑ කියලා අපි රාජිත සේනාරත්න මහතාට කියන්න කැමතියි. රාජපක්ෂවරු හොරු, අපි හොරු අල්ලනෝ කියන පැරණි තේමා ගීතයට ජනතාව රැවටෙන්නේ නෑ. අලුත් කරලා රැප් කරලා අලුත් තේමාවක් ගෙන්න වෙයි.
අපි දැක්කා මේ ආණ්ඩුවට වැඩ කරගන්න බැරි වුණාම මාධ්‍ය හමු තියමින් අර පරණ සිංදුව කියමින් ඉන්නේ නැතුව හොරු නම් අල්ලලා දඩුවම් කරන්න තිබුණනේ. අවුරුදු 2ක් යන කම් එකම එක නඩුවක් දාගන්න බැරිවුණ එකේ ලැජ්ජා නැද්ද මේ ප්‍රකාශය යළි යළිත් කරන්න කියලා අපි ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් අහනවා.
Related