එතුමාට බෑ කියන්න බැහැ – එහෙනම් පක්ෂය භාර ගත්තේ ඇයි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් වත්මන් ආණ්ඩුවට නොමැති බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. ඒ අනුව පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ය...

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් වත්මන් ආණ්ඩුවට නොමැති බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. ඒ අනුව පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධනයන් මිස නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම වසර 2020 තෙක් සිදුනොවනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මහනුවරදී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ජනාධිපතිවරණයකට නැවත ඉදිරිපත් වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කළහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්පය කුමක්දැයි ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.

අමාත්‍යවරයා ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ “එහෙම එතුමාට අකමැති වෙන්න බැහැ… කියන එකයි අපේ මතය. මොකද එතුමා පක්ෂය භාර ගත්තේ ඇයි එහෙනම්. එතුමා පක්ෂය භාර ගත්තා.. එහෙනම් බෑ කියන්න බැහැ කියන එකයි අපේ මතය.” යනුවෙනි.

මේ අතර කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (11) පැවැත් වූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ 2020දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවයි. ලැබී ඇති ජනවරමට අනුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් 2020දී නොව මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ වසර 2021දී බව ඊයේ පැවැත්වූ තවත් මාධ්‍ය හමුවකදී අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3602661438888357472

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item