ඔබව වයසට පත්කරන එහෙත් ඔබ නොදැන සිටි අයහපත් පුරුදු

මුහුණේ පැහැය පියකරු බව මෙන්ම සුන්දරත්වය කාන්තාවන්ට ඉමහත් දායාදයකි, සුන්දර වතකට හිමිකම් කීමට සැමදෙනාටම හැකියාව නොමැත. විවිධ ගැටළු ඇති වී ස...

මුහුණේ පැහැය පියකරු බව මෙන්ම සුන්දරත්වය කාන්තාවන්ට ඉමහත් දායාදයකි, සුන්දර වතකට හිමිකම් කීමට සැමදෙනාටම හැකියාව නොමැත. විවිධ ගැටළු ඇති වී සමේ සුන්දරත්වය වියැකී යා හැක. රූපලාවණ්‍යයේදී සම පිළිබඳ ඇතිවන ගැටඵ කොතෙකුත් ඇත. අවබෝධයෙන් දැනුවත් බවකින් යුතුව කටයුතු කරනවානම් බොහෝ වේලාවට මෙම තත්ත්වයන් වළක්වාගත හැක.

කුරුළෑ යනු බොහෝ අයගේ සමේ ඇතිවන පොදු රෝගී තත්ත්වයකි. නව යොවුන් වියේ පසුවන්නන්ගේ බොහෝ විට කුරුළෑ ඇතිවන තත්ත්වයක් දක්නට ඇත. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව වයස අවුරුදු 12ත් 20ත් අතර අයට මේ තත්ත්වය විශේෂයෙන්ම බලපානු ලැබේ. අවුරුදු 30න් පසුව වැඩිහිටි අයටත් කුරුළෑ සහ ඇක්නි තත්ත්වය ඇති වේ. සමේ ඇතිවන කුරුළෑ සහ ඇක්නි තත්ත්වයන් නිසා මොවුන් විශාල වශයෙන් අසහනයට පත් කරවන බව අමුතුවෙන් සටහන් කළයුතු නොවේ. ඒ තරමටම මෙය සෞඛ්‍යය අතින් පමණක් නොව සාමාන්‍ය ජීවිතයටද අහිතකර බලපෑම් ගෙනදෙන හේතුවක් ලෙස විග‍්‍රහ කළ යුතුව ඇත.

කුරුළෑ සහ ඇක්නි ඇතිවීමට හේතු

  • හෝමෝනවල අසමතුලිත තාවය හා එහි වෙනස්වීම්
  • සම තෙල් සහිත වීම
  • කිරි සීනි චොකලට් කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර අධිකව ගැනීම
  • තම සමට නොගැලපෙන විවිධ ආලේපන වර්ග භාවිතය
  • හිස්හොරි පැවතීම

ශරීරයේ කුරුළෑ ඇතිවන ස්ථාන

  • මුහුණ පෙදෙස
  • ගෙල පෙදෙස
  • පපුව පෙදෙස
  • පිට පෙදෙස
  • තෙල් සහිත සමක් ඇති අයෙකුට නම් සමේ සෑම ස්ථානයකම

කුරුළෑ සහ ඇක්නි තත්ත්වය ඇතිවීමට හේතු

මෙම තත්ත්වය ඇතිවීමට ප‍්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ සමෙහි තෙල් අධික වීම බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වේ. සමේ දෙවන ස්ථරයේ සමට තෙල් ලබාදෙන ස්නේහස‍්‍රාවී ග‍්‍රන්ථි පිහිටා ඇතග මේ මගින් සීබම් නැමැති ලා කහ පැහැති තෙල් ශ‍්‍රාවය කරයි. රෝම කූප ආශ‍්‍රයෙන් සීබම් සම මතුපිටට පැමිණේ. මෙම අධික සීබම් නිසා සමේ තෙල් ස්වභාවය වර්ධනය වී රෝම කූප අවහිරවීම සිදු කරයි. මේ නිසා සමේ ඉහළ සිදුරු ගොරෝසු තත්ත්වයට පත් වේ.

ඉන්පසු සමේ පැහැදිලිව පෙනෙන ලෙස සිදුරු ඇති කරවයි. එමෙන්ම සමේ ඉහල කොටස් ස්ථරයේ (සමේ මතුපිට) රෝම කූප අවහිර වීම තුලින් රෝම කූප තුළ කළු ලප සහ සුදු ලප ඇති කරයි. සමේ ඇති වර්ණක සෛල හේතුවෙන් මෙම ලප ඇති වේ. මෙවැනි තත්ත්වයක් නිසා සමේ බැක්ටීරියාවන් විශාල ලෙස වර්ධනය වේග මෙලෙස වර්ධනය වන බැක්ටීරියා සීබම් සමග එකතු වේ. මේ තත්ත්වය භයානක තත්ත්වයකි. මෙලෙස බැක්ටීරියා වර්ධනය වීම නිසා සම රත් පැහැ වී විශාල වූ කුරුළෑ ඇති වේ. පසුකාලීනව මෙය අඳුරු පැහැයක් ගන්නා අතර පසුව කැළැල් ඇතිකරයි.

මෙවැනි සමක් ඇති අය පහත සඳහන් කරුණු පිළිබඳව දැනුවත් වන්න.

  • නිරන්තරයෙන්ම දෑත් පිරිසිදුව තබාගන්නග
  • මුහුණේ කුරුළෑ ප‍්‍රදේශයේ ස්පර්ශ කිරීමෙන් වළකින්නග
  • කිසි විටකත් නිය වැවීම නොකරන්නග
  • දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වළකින්නග
  • රාත‍්‍රී නින්දට පෙර මුහුණේ ඇති Makeup හොඳින් ඉවත් කරන්නග
කුරුළෑ සහ ඇක්නි සහිත සමක් ඇති අය සෑම විටකදීම සම පිරිසිදුව තබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ. මේ සඳහා Antibacterial කාණ්ඩයට අයත් Face wash වර්ග හෝ Acne-Aid වර්ග භාවිතා කිරීම නිර්දේශ කල හැක. සතියකට වතාවක් පමණ Antibacterial Acne Face PAck එකක් භාවිතා කිරීමද සුදුසු වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සුව අසපුව 3196138285585757337

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item