දැනුත් විනය පරීක්‍ෂණ ගැන කතා කරනවා නම් ඒ පිස්‌සෙක්‌ විය යුතුයි - ඩලස්‌ අලහප්පෙරුම

පෙරේදා පැවතියේ මෑත යුගයේ අති විශාලතම ජනතාව සහභාගී වූ අති දැවැන්තතම එජාප විරෝධී ජන රැලිය බවට තහවුරු වූ පසුත් එයට සහභාගී වූ පිරිසට විනය පරී...

පෙරේදා පැවතියේ මෑත යුගයේ අති විශාලතම ජනතාව සහභාගී වූ අති දැවැන්තතම එජාප විරෝධී ජන රැලිය බවට තහවුරු වූ පසුත් එයට සහභාගී වූ පිරිසට විනය පරීක්‌ෂණ කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නෙරපන බවට පක්‍ෂයේ කවුරු හෝ නිලධාරියකු ප්‍රකාශ කරන්නේ නම් ඔහු සිටිය යුත්තේ ඩාලි පාරේ පිහිටි පක්‍ෂ කාර්යාලයේ නොව සිරිකොතේ හෝ අංගොඩ මානසික රෝහලේ බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම පැවසීය.

මෙම රැලිය පක්‍ෂය කඩන රැලියක්‌ නොව එක්‌සත් ජාතික පක්‍ෂ විරෝධී රැලියක්‌ බවට තහවුරු වී ඇති බව ද හෙතෙම පැවසීය.

මෙම රැලියට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අසූවෙන් 43 දෙනකු හා පළාත් සභා මන්ත්‍රීවරු 417 දෙනාගෙන් 284 දෙනකු ද පළාත් පාලන මන්ත්‍රීවරුන් 2611 න් 1484 දෙනෙක්‌ සහභාගි වූ බැවින් විනය පරීක්‍ෂණ පවත්වන්නේ නම් ඔවුන් සියලු දෙනාට විනය පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයෙන් නෙරපීමට සිදුවනු ඇතැයි මන්ත්‍රීවරයා කීය.

එමෙන්ම එම රැස්‌වීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් පස්‌දෙනෙක්‌ගෙන් තිදෙනකු උප සභාපතිවරු 8 දෙනෙක්‌ගෙන් සිවුදෙනකු ද සහභාගි වූ බවත් ඔවුන්ට ද විනය පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවත් අලහප්පෙරුම මහතා පැවසීය.

එම නිසා දැන්වත් බුද්ධිමත්ව හා පරිනතව පක්‍ෂය තුළ මතවාදී ගැටුමක්‌ තිබෙන බවට තේරුම් ගෙන එම ගැටලුවට විසඳුම් සෙවීමට කටයුතු කරනවා විනා එජාප උවමනාවන් ඉටුකරමින් පක්‍ෂය කැඩීමට සූදානම් නොවන ලෙස ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එජාපයට සහයෝගය දීමට පක්‍ෂය කඩන්න අවශ්‍ය කාටදැයි යන්න දැන් නිරුවත් වී ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 396130677470908281

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item