ජෝති ගැන මතෛක් හෙළි නොවූ රහසක්

(එච්.ආර්.ජෝතිපාල ජෝතිමත් ගායකයාණන්ගේ 28 වෙනි අනුස්මරණය නිමිත්තෙනි.) ‘සිටුකුමාරියෝ’ චිත්‍රපටයෙන් සිනමාවට ආ සනත් ගුණතිලක වෙනුවෙන් ජෝති මු...

(එච්.ආර්.ජෝතිපාල ජෝතිමත් ගායකයාණන්ගේ 28 වෙනි අනුස්මරණය නිමිත්තෙනි.)

‘සිටුකුමාරියෝ’ චිත්‍රපටයෙන් සිනමාවට ආ සනත් ගුණතිලක වෙනුවෙන් ජෝති මුලින්ම පසුබිම් ගී ගැයුවේ විල්ෆ්‍රඩ් සිල්වා හැදූ ‘අම්මේ මට සමාවෙන්න’ චිත්‍රපටයටයි. ඒ ‘හස මල් ගවසා’ ගීතයයි.
ඉන්පසුව ‘නැවත හමුවෙමු’ චිත්‍රපටයේ සනත් රඟපාද්දී ඔහු වෙනුවෙන් ග්‍රේෂන් ආනන්දයන්ගේ හඬ යොදනු ලැබිය. ඒ ජෝතිගේ හඬ විජය වෙනුවෙන් එහි යෙදුණු බැවිනි.
තවත් නොබෝ කලකින් ඇලරික් ලයනල් ප්‍රනාන්දු ‘රන්දම්වැල්’ නමින් චිත්‍රපටයක් හැදුවේය. එහි රඟපෑවේ සනත් ගුණතිලක සමග මැණික් කුරුකුලසූරියයි. සංගීත අධ්‍යක්ෂ සරත් දසනායක එහි ගීත සියල්ලම (ළංවෙන්නදෝ වෙන් වූයේ ගීතය ඇතුළුව) ගායනා කරවූයේ ග්‍රේෂන් ආනන්ද ලවාය. එහෙත් ඒ පිළිබඳව වෙනත් මතයක් දැරූ ඇලරික් යළි එම ගීත ජෝති ලවා ගායනා කරවන ලෙස සරත්ට කියා ඇත. ඒ අනුව ජෝතිට කතා කළ විට ග්‍රේෂන්ට කිව්වද මම ආපහු ඒ සින්දු කියනවා කියල.” යනුවෙන් ජෝති විමසා ඇත. එහි ප්‍රශ්නයක් නැති බව කී නිසා ජෝති ලතා සමග ශබ්දාගාරයට ආවේය. මුලින් පටිගත කළේ ළංවෙන්නදෝ ‘ගීයයි්’ එය ගයා ජෝති විවේක ගනිමින් සිටියේය. ඒ අතර එහි සිටි සනත් ගුණතිලකට කිසිවෙකු කියා ඇත්තේ මුලින් එම ගීතවලට ග්‍රේෂන්ව යෙදුවේ සනත්ගේ උවමනාවට බව ජෝතිට සමහරුන් කියා ඇති නිසා ජෝති සනත් ගැන යම් අප්‍රසාදයකින් සිටින බවයි. සනත් අන්දමන්ද වෙද්දී ජෝතිට කතා කර සැක දුරු කරන ලෙස එ තැනැත්තා යළිත් කීය. ජෝති වෙත ගොස් මේ ගැන සත්‍යය කියන්නට අවශ්‍ය වුවත් සනත්ට යම් බියක්ද නොදැනුනා නොවේ. එහෙත් ඔහු සිතට දිරි ගෙන ජෝති වෙත ළං විය.
“ජෝති අයියා”
“ඇයි මල්ලී” ජෝති සනත් දෙස බලා ඇසීය.
“මේ සින්දු ටික මුලින් ග්‍රේෂන් ලවා කියෙව්වේ මගේ බලපෑමකට නමෛයි. අලුත් නළුවෙක් හැටියට මට එහෙම බලපෑමක් කරන්නත් බෑනෙ කව්රුහරි ජෝති අයියට එහෙම කිව්වනං ඒක බොරු. සනත් එක දිගට එසේ කියා දැම්මේය. ජෝති මඳ වේලාවක් නිහඬව සනත් දෙස බලා සිට මෙසේ කීය.
“හරි මල්ලි එහෙනං ප්‍රශ්නයක් නෑ. ඒත් මට ටිකක් දුක හිතුන මල්ලි එහෙම කළා කියලා ආරංචි වුණාම රයිට් දැන් ඒ ප්‍රශ්නෙ ඉවරයි.
එසේ කියා ජෝති හැරුනේ ලතා දෙසටය.
“ලතා අපි ආපහු අර සින්දුව වොයිස් කරමු.”
ලතා ඊට අදිමදි කළේ” ඉස්සෙල්ලා පාර සින්දුව හරියටම ආවනෙ.” කියමිනි. එහෙත් ජෝති යළිත් ඇයව කැඳවාගෙන ඇතුළට ගොස් ළංවෙන්නවාදෝ වෙන් වූයේ ගීතය තවත් වතාවක් ගායනා කර පටිගත කළේය. සැකයක් සිතේ සහිතව මුල් පටිගත කිරීමට ගායනා කළ බැවින් සැකය දුරු කර ගත් පසුව යළිත් ගායනා කළ යුතු බව ඔහුගේ අදහස වන්නට ඇත. ඒ අනුව ‘හිතකින් ගායනා කළේ දෙවන වතාවේ වන්නට ඇත. ඒ ගීතයට පසුව ඉතිරි ගීතද පටිගත කෙරුනි. ‘රන් දම්වැල්’ තිරගත වූ පසුව ‘ළංවෙන්නවදෝ වෙන් වූයේ’ ගීතය ඉතාමත් ජනප්‍රිය වූ අතර සනත් ගුණතිලක රඟපෑ චිත්‍රපට ගීත ගැන සඳහන් කරද්දී ඒ ගීතය නියතවම සඳහන් කෙරුනි. කෙසේ වෙතත් එවකට නවකයෙකු වූ ග්‍රේෂන් ආනන්ද ගැයු ගීත කීපයක් තමාට යළි ගයන්නට සිදු වූ විට ඒ ගැන ග්‍රේෂන්ව දැනුවත් කළාදැයි ප්‍රවීණතම ජෝති ඇසුවේ ඔහුගේ මහත්මාකම නිසාය. එමෙන්ම සනත් පිළිබඳව කිසිවෙකු කී බොරු නිසා ඉපදුණු සැක දුරු කර ගත් විට යළිත් ගීත පටිගත කළේ පිරිසිදුව එම කටයුත්ත කිරීමේ ච්ෙතනාවෙන් බව මේ සිදුවීම මගින් සනාථ වෙයි.
අමරණීය ජෝති ප්‍රසංගය ජූලි 12 වෙනිදා
ජෝතිමත් ගායක එච්.ආර්.ජෝතිපාලයන්ගේ 28 වෙනි අනුස්මරණය නිමිත්තෙන් ජෝති මිතුරු සමාජය සහ ගුණසමරු පදනම මෙහෙයවන අමරණීය ජෝති ගී ප්‍රසංගය අද (ජුලි 12) සවස 6ට කොළඹ ආනන්ද විදුහල් කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
ප්‍රියංකර පෙරේරා-කමල් අද්දරආරච්චි, රවීන්ද්‍ර රන්දෙනිය ඇතුළු ශිල්පීන් රැසක් සමග ජෝතිගේ ඥාති පුත්‍රයින් වන සහකාර ‍පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න සහ සහකාර ‍පොලිස් අධිකාරී වජිර එදිරිමාන්න ජෝතිගේ ගී ගැයුමෙන් හා රංගනයෙන් මීට එක් වෙති.
අර්නස්ට් සොයිසා සංගීතය මෙහෙයවන ‘අමරණීය ජෝති’ ප්‍රසංගයට සහභාගි වන ලෙස ජෝති රසික ජනතාවට පදනමේ සභාපතිනි ක්‍රිෂ්නි නර්මදා ජෝතිපාල සහ උප සභාපති ප්‍රියන්ත උදයකුමාර විවෘත ආරාධනාවක් කරති.

ආනන්ද පද්මසිරි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 7373496414381250740

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item