චූටිකා‍ලේදී රිතූගේ ප්‍රියතම ආහාරය ඥානකතාලු

රිතූගේ තාත්තා අනුර ප්‍රියන්ත. රිතූගේ අම්මා ඒ.එල්.ඒ. සේපාලිකා. මේ දෙදෙනා ඒ දවස්වල පදිංචි වෙලා හිටියේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ. මේ දෙන්නග...

රිතූගේ තාත්තා අනුර ප්‍රියන්ත. රිතූගේ අම්මා ඒ.එල්.ඒ. සේපාලිකා. මේ දෙදෙනා ඒ දවස්වල පදිංචි වෙලා හිටියේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ. මේ දෙන්නගෙ පුංචි පුතෙක් හිටියා. ඒ පුතාට අවුරුදු දෙකක් පිරෙන කොට පවු‍ලේ දෙවැනි දරුවා ඉපදුනා. ඇය තමයි බෝමිරියගේ රිතූ ආකර්ෂා.
රිතූ චූටි කාලෙ බත් කන්න බොහොම අකමැති දරුවෙක්ලු. ඒ හින්දා ඇගේ මවට තමන්ගේ චූටි දෝණිට බත් කවන එක හරිම අසීරු කටයුත්තක් වුණාලු. ඒ වගේම තවත් දෙයක් රිතූ චූටි කාලෙ පිටි සහ සීනි එකට කලවම් කරලා කන්න ගොඩාක් ආසයිලු රිතූගෙ අම්මා රිතූටයි එයාගෙ අයියටයි කිරි හදන වෙලාවට රිතූ අම්මා ළඟට ගිහින් මෙන්න මෙහෙම කියනවාලු.
“මට කිරි එපා මගෙ කිරි එකට දාන පිටි ටිකයි සීනි ටිකයි මට ඕනා”
ඒ විදියට කියලා රිතූ කිරිපිටි සහ සීනි ටික කවලං කරලා කනවාලු.
ඒ දවස්වල රිතූටයි අයියටයි වටා පිටාවේ ගෙවල්වලට යන්න අම්මයි තාත්තයි ඉඩ දෙන්නෙ නැහැලු. ඒ හින්දා. මේ අයියයි නංගියි දෙන්න තමයි සෙල්ලම් කරන්නේ.
ඒ වෙලාවට රිතූගේ අයියාගේ “බයිට් කිරීම්වලට ලක්වන්න රිතූට සිදුවෙනවාලු. දෙන්නත් එක්ක ක්‍රිකට් ගහන වෙලාවට රිතූගේ අයියා තරගයෙන් අවුට් වුණාම එයා ඒක පිළිගන්නෙම නැහැලු. හැබැයි රිතූ අවුට් වුණොත් අවුට් වුණාම තමයි.
“නංගි අපි හැංගි මුත්තං කරමු. හැබැයි ගේ ඇතුළේ හැංගෙන්න ඔට්ටු නෑ.
එහෙම කියලා රිතූගේ අයියා රිතූ එක්ක හැංගි මුත්තං සෙල්ලම් කරනවාලු. දැන් ඉතින් රිතූ එයාගේ අයියව හොයනවාලු. හැම තැනම හෙව්වත් අයියා නැහැලු. “ගේ ඇතුළේ හැංගෙන්න ඔට්ටු නෑ” කියලා අයියා කියන හින්දා රිතූ අයියව හොයන්නේ ගෙදරින් පිටලු. මේ විදියට පැය ගණනක් අයියව හොයලා හෙම්බත් වෙලා රිතූ ගෙට යනවාලු. ඒ යද්දී රිතූගේ අයියා සාලයේ හරි බරි ගැහිලා වාඩි වෙලා රූපවාහිනී නරඹනවාලු.
චූටි කාලෙ රිතූගේ ප්‍රියතම ආහාරය තමයි ඥාන කතා. ඒ වගේම රිතූගේ අයියා අයිස් පැකට්වලට බොහොම ආශයිලු. මේ දවස්වල රිතුගේ තාත්තා පන්වලින් හදපු පුංචි පෙට්ටියක මාරු කාසි දාලා එකතු කරනවලු. රිතූ දවසක් තාත්තා සල්ලි දාන මේ පුංචි පන් පෙට්ටිය දැකලා තියෙනවා. එයා ඒ රහස තමන්ගේ අයියට කියලා. එක දවසක් රිතූගේ තාත්තයි අම්මයි ගමනක් ගිහින් රිතූයි අයියයි විතරයි ගෙදර ඉඳල තියෙන්නේ.
“අපි තාත්තාගේ මාරු කාසි අරගමු.”
රිතූගේ අයියා යෝජනා කරලා තියෙනවා. රිතූත් චණ්ඩියා වගෙ තාත්තාගේ මාරු කාසි දාලා තියෙන ඒ පුංචි පෙට්ටිය තිබුණ තැනින් අරගන්න ඊට පස්සෙ අයියයි නංගියි දෙන්නා කාසි ටිකත් බෙදා ගත්තලු. අයියා තමන්ට ලැබුණු සල්ලි වලින් අයිස් පැකට් කාලා. නංගි තමන්ගේ සල්ලිවලින් ඥාන කතා කළා.
සාම ගිවිසුමක් ගහලා තාත්තාගේ සල්ලිවලට විදපු අයියයි නංගියි දෙන්නගෙ සාම ගිවිසුම බිඳිල යන්න වැඩි වෙලාවක් ගිහින් නැහැ. හවස සෙල්ලම් කරන්න ගියාම අයියයි නංගියි ආයෙම ගැටුමක් ඇතිවෙලා.
“තාත්තාගේ සල්ලි හොරකම් කළේ ඔයා. මමත් එතනින් සල්ලි ගත්තා. ඒත් තාත්තා සල්ලි තියෙන තැන බලාගෙන ඉඳල ඒ සල්ලි අරගත්තේ ඔයා. ඒ හින්දා. වැඩිම වරද ඔයාගේ.”
ඔන්න ඔහොම කියලා. රිතූගේ අයියා රිතූව බයකරලා තියෙනවා. එදා ඉඳන් රිතූව බයකරගන්න ඕන වෙලාවට රිතූගේ අයියා තර්ජනය කරල තියෙන්නේ සල්ලි හොරකම ගැන කියලා.
රිතූ යාන්තං බහ තෝරන කාලෙ ඉඳන් හින්දි චිත්‍රපටවලට පුදුමාකාර රසිකත්වයක් දැක්වුවාලු. ටී.වී. එකේ හින්දි චිත්‍රපටයක් යනවානං නොකා නොබි හරි එතැන වාඩිවෙලා ඒ හින්දි චිත්‍රපටිය නරඹනවාලු. ඒ දවස්වල රිතූ බොහොම ලස්සන බබෙක්. හැබැයි ඉතින් එයාට තිබිලා තියෙන්නේ බොහොම කෙටි කොණ්ඩයක්. හින්දි චිත්‍රපටවල දිගු වරලස් ඇති නිළියෝ ගී ගයමින් නටනවා දැක්කම රිතූටත් දිගු කෙස් වැටියක් ගැන ආශාවක් ඇතිවෙලා තියෙනවා. ඇය අම්මා අඳින කළුපාට සායවල් අරගෙන හිසට දමාගෙන බොහොම දිගු කෙස් වැටියක් හදා ගන්නවාලු. ඊට පස්සෙ හින්දි චිත්‍රපටවල ගී ගයමින් රඟන නිළියන් විදියට රිතූත් නටනවලු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 8611913473911568033

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item