බ්ලූමැන්ඩල් ඝාතකයන් පැමිණි රථයෙන් ඩුබායි බිලක් හමුවේ
කොළඹ බ්ලූමැන්ඩල් පාරේදී මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි 'හයිබ්‍රිඩ්' මෝටර් රථයේ ...

https://www.sathhanda.com/2015/08/blumandal-shooting-ravi-karunanayake-vehicle-dubai-bill.html
කොළඹ බ්ලූමැන්ඩල් පාරේදී මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි 'හයිබ්‍රිඩ්' මෝටර් රථයේ තිබී ඩුබායි සුපිරි වෙළෙඳසලකින් භාණ්‌ඩ මිලදීගත් බිල්පතක් පොලිසියට ලැබී තිබේ.
මෙම බිල්පතේ සඳහන් විදෙස් ගමන් බලපත්‍ර අංකය අනුව සැකකරු පිටරට සිට මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි අයකු බවට පොලිසිය සැක කරයි.
මෙම විදෙස් ගමන් බලපත් අංකය පොලිස් පරීක්‍ෂණ කටයුතුවලට විශාල රුකුලක් විය හැකි බව රහස් පොලිස් ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම සැකකරු යළිත් විදෙස්‌ගතව ඇත්නම් ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව සැකකරු පිළිබඳ ව තොරතුරු සොයා ගැනීමට හැකිවන බව රහස් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන තිබෙන හයිබ්‍රිඩ් රථය මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරුවකු විසින් කුලියට ගෙන ඇති බවටද පොලිසිය සැක කරයි.
Related