පොඩි බැංකුවල තරගය ඒවා බංකොළොත් කරයි ?

ශ්‍රී ලංකාවේ කුඩා බැංකු අතර ඇති අධික තරඟකාරිත්වය ඒවායේ දිගු කාලින ලාභදායිත්වයට බලපැම් කරනු ඇතැයි, එන්.ඩී.බී. සිකියුරිටීස් (NDB Securities) ...

පොඩි බැංකුවල තරගය ඒවා බංකොළොත් කරයි ?ශ්‍රී ලංකාවේ කුඩා බැංකු අතර ඇති අධික තරඟකාරිත්වය ඒවායේ දිගු කාලින ලාභදායිත්වයට බලපැම් කරනු ඇතැයි, එන්.ඩී.බී. සිකියුරිටීස් (NDB Securities) අනතුරු අඟවා තිබේ.


මේ තත්ත්වය නිසා කුඩා බැංකු, විශාල බැංකු අතරේ ඒකාබද්ධ වීම සිදු විය යුතු බව යළි එමගින් අවධාරණය කර ඇත.

මෙම වාර්තාව මෙම ඒකාබද්ධ විම් මගින් බැංකු අංශයට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොලට ප්‍රවේශ විමට ඉඩ කඩ විවර වන බවද පෙන්වා දී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ වන විට බලපත්‍ර ලාභී වාණිජ බැංකු 25 ක් ඇති අතරේ ඒ අතුරින් බැංකු 05 ක් මෙරට බැංකු අංශයේ මුළු වත්කම් වලින් සියයට 80 කට හිමිකම් කියයි.

මේ වන විට මහ බැංකුව Basel III නියාමන විධි විධාන ක්‍රියාත්මක කිරිමට බැංකු වෙත විධාන නිකුත් කර ඇති අතර එමගින් බැංකු අංශයේ ප්‍රාග්ධන ආවරණය හා ද්‍රවශීලතා ආවරණය සවි බල ගැන්වීමට කටයුතු යොදා ඇත.

මෙරට බැංකු අංශය රටේ ආර්ථීක වෘර්ධිය සමඟ දැඩ් සම්බන්ධතාවයක් ඇති බව අවධාරණය කරන මෙම වාර්තාව මෙරට ආර්ථීකය පිළිවෙලින් 6.4%, 7.0% සහ 7.2%1 කින් ඉදිරි 2015, 2016 සහ 2017 වසර වලදි වර්ධනය වනු ඇතැයි ද දක්වා ඇත.

මෙම ආර්ථීකයේ පුළුල් විමේ ක්‍රියාවලිය මගින් වැඩි වර්ධනය වන රටේ පුද්ගලික ව්‍යවසායකයින්ගේ අරමුදල් අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරිමට ඉඩ කඩ විවර වන බව පවසයි.

මේ අනුව පිළිවෙලින් ~16.8%, 18.4% සහ 18.9% බැගින් ඉදිරි 2015, 2016 සහ 2017 වසර වලදි මෙරට බැංකු අංශය වර්ධනය වනු ඇති බවද පුරෝකතනය කරයි.

මෙහිදි උකස් මත පදනම් වු ණය ක්‍රමවේදයක සිට අරමුදල් පරිවහ මත පදනම් වු ණය ලබා දිමි,විනිවිදබවින් යුතු ගාස්තු රටා මෙන්ම අඩු පිරිවැය ඇති අන්තර්ජාල බැංකු කරනය වැනි තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් මෙරට බැංකු සවි බල ගැන්විය යුතු බවද අවධාරණය කරයි.

පසුගිය වසර 05 තුල සියයට 18.9 ක ප්‍රතිළාභ කොටස් වෙළෙඳ පොල විෂයෙහි බැංකු අංශය ලබා දි ඇත.

රන්දොර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 8246822619031478102

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item