මගේ සිරුර මට ආත්ම විශ්වාසය ගේනවා - කේට් අප්ටන් [PHOTOS]
කේට් අප්ටන් යනු නව යුගයේ සුරූපී නිරූපිකාවකි. ලොව ප‍්‍රමුඛ පෙළේ විලාසිතා සඟරාවල මුල් කවරය ඇගේ රුවෙන් නිරන්තරයෙන් සැරසෙයි. තවමත් නව යොවු...

http://www.sathhanda.com/2015/09/KateUpton-interview-photos.html
කේට් අප්ටන් යනු නව යුගයේ සුරූපී නිරූපිකාවකි. ලොව ප‍්‍රමුඛ පෙළේ විලාසිතා සඟරාවල මුල් කවරය ඇගේ රුවෙන් නිරන්තරයෙන් සැරසෙයි. තවමත් නව යොවුන් වියේ ඇය පසුවුවද ඈ මේ වන විටත් විලිසිතා ලොවේ ඉහළ පෙළේ තරුවක් වී හමාරය. ඇගේ මෙම සාර්ථක ගමනේ රහස පසුගියදා සම්මුඛ සාකච්ඡුාවක් දී ලොවට හෙළි කළාය. අද අපි රිවිසරසියෙන් ඇගේ එම සම්මුඛ සාකච්ඡුාවේ සිංහල අනුවාදය මෙලෙස ගෙන එන්නෙමු.
ප‍්‍රශ්නය: පහුගිය අවුරුදු තුනක කාලයේදී ඔබ ස්පොර්ට්ස් ඉලස්ටේ‍්‍රට්, වෝග්, ජීකිව්, එල්ලී, වගේම වැනිටි ෆෙයාර් සඟරාවේ සියවෙනි සංවත්සර කලාපයේ මුල් පිටු සැරසුවා. මේවා පෙන්නලා ඔබට කී‍්‍රඩා සඟරාවන් විකුණන්න පුළුවන් කියලා හිතනවාද?
පිළිතුර: මට ඉලක්ක ගත පිරිසක් ඉන්නවා, මට වයස 21 යි. එ් වගේම මම ගොඩක් විලාසිතාවන්ට ආසයි. මම හිතන්නේ සාමාන්‍ය ගැහැනු ළමයෙක් විදිටයි. එ් හින්දා එ් අයට මාව ගැළපෙන නිසා මෙහෙම මුල් පිටුවලට පෙනී ඉන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා කියලා හිතනවා.
ප‍්‍රශ්නය: ඔබට සාමන්‍ය නිරූපිකාවන් වගේ ඉතාම කෙට්ටු සිරුරකට වඩා ජව සම්පන්න සිරුරක් තියෙන නිසාද මේ වගේ කී‍්‍රඩා සඟරාවන්ගෙන් ඉල්ලූමක් තියෙන්නේ ?
පිළිතුර: මම හිතනවා ඔව් කියලා. මොකද ගොඩක් වෙලාවට නිරූපිකාවන්ගේ සිරුර පරිගණක මගින් යළි සංස්කරණය කරනවා, එ්ක දැකලා ගොඩක් කාන්තාවන් හිතින් දුක් විඳිනවා අනික ගොඩක්ම කෙට්ටු අය පරිගණක මගින් සංස්කරණය කරන එක එච්චර හො`ද නැහැ කියලා හිතනවා.
ප‍්‍රශ්නය: ඇයි එ් ?
පිළිතුර: මොකද එයා ඇත්තට එ් වගේ නෙවෙයි එ් නිසා එ් සඟරාව කියවන කෙනා හිතනවා තමනුත් එ් වගේ වෙන්න ඕනේ කියලා. එ්ත් එයා දන්නේ නැහැ නිරූපිකාව ඇත්තටම එ් වගේ නැහැ කියලා. මම මගේ සිරුරට ආදරෙයි මට මගේ සිරුර නිසා විශාල ආත්ම විශ්වාසයක් දැනෙනවා. මම කොයි වගේද කොතනද ඉන්නේ කියලා හරියටම දන්න නිසා.
ප‍්‍රශ්නය: සිරුර ගැන ආත්ම විශ්වාසය ඉස්සරත් තිබුණාද ?
පිළිතුර: නැහැ, එ්ත් මම දිරිමත් වුණා වෙනත් කාන්තාවන් නිසා. මොකද අනෙක් කාන්තාවන්ද මේ වගේ තමන්ගේ සිරුර නිසා වි`දපු දේවල් මට ශක්තියක් වුණා. මට ඕනේ වුණා මේ පීඩනය දරාගෙන අවසානයට යන්න. මොනවා වුණත් හැම කෙනෙක්ටම ජීවිතයේත් රැුකියාවෙත් අමාරු කාලයන් පහුකරන්න වෙනවා. මම ගෝලීයව මම මේ විවේචනයට ලක්වෙච්ච කෙනෙක්. එ්ත් තාමත් සමහර වෙලාවට සිරුර ගැන කරන විවේචනවලට දුක හිතෙන අවස්ථාවන් තියෙනවා.
ප‍්‍රශ්නය: විලාසිතා ලෝකයේ ඉහළම තලයේ තියෙන සඟරාවල මුල් පිටු සැරසුවත් කිසිම විලාසිතා සන්නාමයක් වෙනුවෙන් පෙනී ඉන්නවා හෝ සන්නාම තානාපතිවරයකු වශයෙන් කටයුතු කරනවා දැකලා නැහැ. ඔබට එ් ස`දහා ආරාධනා ලැබිලා නැද්ද?
පිළිතුර: ඔබ පුදුම වෙයි මට විලාසිතා සන්නාම හා ප‍්‍රවර්ධන කටයුතුවලට එකතුවෙන්න කියලා ලැබෙන ආරාධනා ප‍්‍රමාණය දන්නවා නම්. එ්ත් අකමැත්තෙන් වුණත් මගේ වෘත්තිය ගමන් ගන්නා වේගයත් එක්ක මට එ් ආරාධනා භාරගන්න බැහැ. මට හැම අතින්ම ඉහළටම යන්න ඕනේ එ්ත් එ් ඔක්කොම එකපාරට කරන්න බැහැනේ. මොනවා වුණත් මම හිතන්නේ විලාසිතා ලෝකයයි මට ගැළපෙන්නේ කියලා.
පිළිතුර: සමහර වෙලාවට මම ගොඩක් දෙනා මිලදී ගන්න නිෂ්පාදනවල වැඩසටහන්වලට සහභාගි වෙනවා මොකද මම හිතන්නේ හැම කෙනෙක්ටම මිලදී ගන්න පුළුවන් දේවල් ප‍්‍රවර්ධනය වෙන එක හොදයි කියලයි. මොකද මම ඉස්සර මිලදී ගන්න අමාරු මිල අධික නිෂ්පාදන ඇදුම් ගන්න බැරුව ඉදලා තියෙනවා එ් හන්දාම මට ජනතාවට පෙන්වන්න ඕනෑ කරලා තියෙනවා මිල අධික නැති දේවල්වලින් විලාසිතා කරන්න පුළුවන් කියලා. මම ජනතාව හරි පැත්තට ගෙනියනවා කියලා එ් වෙලාවට හිතෙනවා.
ප‍්‍රශ්නය: ජනතාව හරි මග ගෙනියන්න ඕනෑ නිසාද ඔබ නිරුවත්ව ඡුායාරූපවලට පෙනී ඉන්නේ නැත්තේ? මොකද ප‍්‍රකට නිරූපිකාවන් වෙන කේට් මෝස් නයෝමි කැම්ප්බෙල් වගේ අයත් නිරුවත්ව ඡුායාරූපවලට පෙනී ඉදලා තියෙනවා
පිළිතුර : ඇත්තටම මට එ් ඡුායාරූප උසස් කලා නිර්මාණ. මොකද ඔබේ සිරුර කලා නිර්මාණයක්, ඇත්තටම ඡුායාරූපවලට එ් විදිහට පෙනී ඉදීම ඉතාම කලාත්මකයි. එ්ක මම ඉතාම ධනාත්මක විදිහටයි බලන්නනේ, අන්තර්ජාලයේන සමාජ වෙබ් අඩවි මගින් එ් ඡුායාරූපවලට එ් වගේ අර්ථයක් ගෙන එන එක වළක්වා තියෙනවා. එ් වගේ ඡුායාරූප අන්තරජාලය පුරා පැතිරෙනවා. එ්ත් එ් වගේ මගේ ඡුායාරූප ප‍්‍රචලිත වෙනවාට අකැමැති නිසායි මම එ් වගේ නිර්මාණවලට පෙනී ඉන්නේ නැත්තේ. ඇත්තටම මම එ් නිර්මාණවලටත් එ් අයත් ගොඩක් දක්ෂ කලාකරුවන් එ්ත් සමාජ වෙබ් අඩවි අන්තර්ජාලය නිසා මම එ් වගේ නිර්මාණයකට සම්බන්ධවෙන එක වළක්වනවා.
ප‍්‍රශ්නය: මුළු ලෝකයම වගේ ඔබට සරාගී කාන්තවක් හැටියට හදුන්වද්දී මොකද හිතෙන්නේ?
පිළිතුර: මම කොතනින්ද පටන් ගත්තේ මොනවාද මේ වෙනකොට ලබාගෙන තියෙන්නේ කියන දේ ගැන මම ගොඩක් සතුටුවෙනවා. එ්ත් මම මගේ වෘත්තියේ ඉදිරියට නියැළෙද්දී කට්ටිය දකී මට කරන්න ගොඩක් දේවල් තියෙනබව. එ්ත් මට ඕනේ කරන දේ හරියට කරන්නයි. එ්කයි මම මගේ කාලය අරගෙන වැඩ කරන්නේ. මොකද මම මගේ ගමන ඉවසිලිවන්තව යනවා.
නුවන් සේනාරත්න




Related