විමල් වීරසිංහගේ හිටපු මාධ්‍ය ලේකම් CID අත්අඩංගුවට
රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් හිටපු අමාත්‍ය විමල් වීරසිංහ මහතාගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ප්‍රසාද් මංජු නමැත්තකු අ...

රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් හිටපු අමාත්‍ය විමල් වීරසිංහ මහතාගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ප්‍රසාද් මංජු නමැත්තකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ලංකාදීප වාර්තා කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා සඳහන් කර ඇති පරිදි, අදාළ සැකකරු හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස සිටි කාලයේ වාහන මාධ්‍ය කටයුතු සඳහා භාවිතා කිරීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා එල්ල වී තිබේ.
විමර්ශනවලදී හෙළි වී ඇතැයි වාර්තා වන්නේ, සැකකරුට හිමිව තිබූ තනතුරට අදාළ වාහනය හා ඉන්ධන දීමනාව ලබා ගනිමින්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කාර්යයන් සඳහා කුලී පදනම මත ලබාගෙන තිබූ වාහනද මාධ්‍ය කටයුතු සඳහා පරිහරණය කර ඇති බවයි. එමඟින් රුපියල් 17 ලක්ෂ 46000/= ක මුදලක් රජයට පාඩු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ සඳහන් වේ. සාවද්‍ය පරිහරණය සහ පොදු දේපල පනතට ගැනෙන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
වාර්තාවට අනුව, අත්අඩංගුවට ගත් සැකකරු 52 හැවිරිදි කොළඹ 2, මැලේවීදියේ පදිංචිකරුවෙකි.
මූලාශ්‍රය: Lankadeepa

Related