කෝටි 6000ක විසල් පෙලොන්නරු ව්‍යාපෘතිය ඔක්තේබරයේදී - හම්බන්තොටට බැන්න උන්ගේ කටේ පිට්ටුද

Polonnaruwa Development within next 5 years: MS

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන් ප්‍රදේශය වන පොලොන්නරුව ආශ්‍රිතව සිදුකිරීමට නියමිත පොලොන්නරුව නගර හා දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය මෙම වසරේ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. 

ඒ සඳහා රුපියල් කෝටි 6000 ක මුදලක් වැය වන අතර එයට කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක ප්‍රකාශ කළේය. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය රජ රට නවෝදය ජනපති ව්‍යාපෘතිය විසල් පොලොන්නරුව සංවර්ධන වැඩසටහන නමින් ක්‍රියාවට නැංවේ. 

පස් අවුරුදු සැලැස්මකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම පොලොන්නරුව නගර දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රථම අදියර මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ආරම්භ කරන බවද දිස්ත්‍රික් ලේකම් වරයා සදහන් කළේය.

රටක නොදියුණු ප්‍රදේශ මෙසේ දියුණු කල යුතුය. එය පොළොන්නරුවට හෝ හම්බන්තොටද යන්න අපට නම් ගැටළුවක් නොවන්නේය. අපට මෙහි ඇති ගැටලුව නම් පසුගිය කාලය පුරා හම්බතොටට ඇති සැලකීම වැඩි යයි සහ එය මහින්දගේ ප්‍රදේශය නිසා සංවර්ධනය කරනවායැයි උගුරෙන් ලේ පෙරාගෙන කෑගැසූ හොර නඩය මෙතරම් විශාල සංවර්ධන ව්‍යාපෘතියක් පොළොන්නරුවට ලබාදීම දේශපාලන උවනාවක් ලෙස නොදැකීමයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 779102599335062905

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item