බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයකවත් මෙතරම් සාහසික තත්වයක් නෑ - යහපාලන ආණ්ඩුව ගැන එහි නියමුවකු වූ ධර්මසිරි දැන් කියන කතාව
අනාගත පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කළ තමා ඇතුළු පිරිසට නව රජය දී ඇති පිළිතුරින් ලැජ්ජාවට පත් වෙන බව කලාකරු ධර්මසිර...

http://www.sathhanda.com/2015/09/dharmasiri-bandaranayake-bbc-interview.html

ඇමති මණ්ඩලය පත් කිරීම ඇතුළු නව රජයේ ක්‍රියාකලාපය පිළිබඳව බීබීසී ය සමග අදහස් දක්වමින් ධර්මසිරි බණ්ඩාරනායක කියා සිටියේ මෙතරම් විශාල අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබීම මහජන උවමනාවක් නොවූ බවයි.
‘මේ තත්වය දෙස බලන කොට විශාල ලැජ්ජාවක් ඇති වෙනවා. ශීලාචාර ශිෂ්ඨසම්පන්න සමාජයක් ගොඩනැගීමයි අපේ අරමුණ. ඒ අරමුණෙන් තමයි අපි ජනවාරි අට වෙනිදා දේශපාලන වෙනසට සහ ඊළඟට අගෝස්තු දාහත්වෙනිදා තීන්දුවට මැදිහත් වුනේ. මම හිතන්නෙ දැන් ආණ්ඩුව මේ උත්තරය දීලා තියෙන්නෙ අපට කියලයි’ අද පවතින රජය බලයට ගෙන ඒම වෙනුවෙන් ප්‍රබල මතවාදී දායකත්වයක් දුන් ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.
‘යහපාලන රජය’පත් කිරීම පිණිස මැතිවරණ ක්‍රියාවලියට හවුල් වීම පිළිබඳව කලකිරීමක පසු වන්නේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ, දැන් සිදු වෙමින් පවතින දේවල් ගැන ජනතාව ප්‍රශ්න කරන්නේ මැති ඇමතිවරුන්ගෙන් හෝ ජනාධිපතිතුමාගෙන් නොව නිතර මුණ ගැසෙන තමන් ඇතුළු පිරිස ගෙන් බවයි.
එසේම නැවත බලය ලැබූ පිරිස් වෙතින් පීඩාවට පත්වීමේ හැකියාවක් පැවතීම පිලිබඳවත් සිතන්නට සිදු වී ඇති බවයි ධර්මසිරි බණ්ඩාරනායක පවසන්නේ.
‘පරාජයට පත් කරන්න බැහැයි කියල හිතපු පාලනයක් පරාජය කල හැකිය කියන ආස්තානයට ජනතාව ගොනු කිරීම එක රැයකින් සිදු වෙච්ච දෙයක් නොවෙයි. එම ජයග්‍රහණය විශාල මිනිස් කණ්ඩායමක පරිශ්‍රමයක්. මම හිතන්නේ දැන් උදාවෙලා තියෙන්නේ ලංකාවේ දේශපාලනයේ අවසානම අදියර කියලයි මට හිතෙන්නෙ, මේ විදියට ගියොත්’ඔහු සිය අපේක්ෂා භංගත්වය විස්තර කළේ එවැනි වචන මාලවකිනි.
‘විසිරවිය යුත්තේ මේ ආණ්ඩු නොව මේ ජනතාව විසුරුවා හැර අළුත් ජනතාවක් පත් කර ගැනීමට කාලය පැමිණ ඇති බවක්’ බර්ටෝල් බ්‍රෙස්ට් සිය නාට්‍යයක දක්වන බව පවසන ධර්මසිරි බණ්ඩාරනායක සංවාදය අවසන් කරමින් පෙන්වා දුන්නේ බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයකවත් මෙතරම් සාහසික තත්වයක් ගොඩ නැගුන අවස්ථාවක් හමු වන්නේ නැති බවයි.
ධර්මසිරි අයියේ, මට නම් මේ අපත රජයේ හැසිරීම ගැන පුදූමයක් නෑ. මට ඒ පාඩම කියා දුන්නේ 'මකරාක්ෂයා', 'මරාසාද් ' වැනි නිර්මාණයි. මට පුදූම ඔබලා ඔවුන් විස්වාස කීරීමයි. pushkara W.
ReplyDeleteApi kalinma kiwwe oka thamai.gon ranilta maha widwath kamak aropanaya kale numbalai.kisima ugath kamak nathi ekek rate janapathi kale numbalai
ReplyDeletethawth pada show ekak
ReplyDelete