කටුනායක අධිවේගය, දකුණු අධිවේගය ආරම්භ කළේ අගමැතියි - චම්පික රණවක
හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් පසුගිය අවුරුදු දහය තුළ රුපියල් බිලියන 700 ක් වියදම් කර තිබෙන බවත්, 2020 දී අලූත් නාගරික රටාවක් කොළඹ දිස්ත...

https://www.sathhanda.com/2016/11/blog-post_12.html
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (07දා) හෝමාගම පැවැති උත්සවයකදීය.
මහවැලි ව්‍යාපාරය ආරම්භ කළේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා බවත් එය අවසන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බවත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එය කඩිනම් කළ බවත් පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේය.
කටුනායක අධිවේගී මාර්ගය සැලසුම් කළේ 1968 දී බවත් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එය 2002 වසරේදී ආරම්භ කළ බවත් පැරණි ඉංජිනේරු සැලසුමට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කළ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එසේම දකුණු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 1991 දී පටන් ගත් බවත් 2003 දී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩ ආරම්භ කළ බවත් එහි ඉදිකිරීම් මහින්ද රජපක්ෂ මහතාගේ කාලසීමාවේදී අවසන් වූ බවත් රණවක මෙහිදී පවසා සිටියේය.
Related