ශිෂ්ශත්ව විභාගයේ එක ප්‍රශ්නෙකට උත්තර දෙකකට ලකුණු

පසුගිය දින නිම වූ පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ආරම්භ වී දිනකට පසු එහි එක් ප්‍රශ්නයකට පිළිතුරු දෙකක් පිළිගනිමින් ලකුණු ලබා දීම...

පසුගිය දින නිම වූ පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ආරම්භ වී දිනකට පසු එහි එක් ප්‍රශ්නයකට පිළිතුරු දෙකක් පිළිගනිමින් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

විභාග ප්‍රශ්න පත්‍රයේ ශ්‍රීපාදස්ථානය අයත්වන්නේ කුමන පළාතටදැයි ප්‍රශ්නයක් විමසා තිබුණා. ඊට පිළිතුරු ලෙස සිසුන් සබරගමු සහ මධ්‍යම පළාත් දෙකම නම් කර ඇති බවත්, ගූගල් සිතියමට අනුව එය මධ්‍යම පළාතට අයත් බවත්, මිනුම් දෙපාර්තමේන්තුවට අනුව එය සබරගමු පළාතට අයත්යැයි විභාග දෙපාර්තමේන්තුව කියන බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

බදාදා (09) ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගැයීම ආරම්භ කළ අතර එදින එක් පිළිතුරකට පමණක් ලකුණු ලබා දුන්නේය. පසුව බ්‍රහස්පතින්දා (10) සිට පිළිතුරු දෙකටම ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තු තීරණය කර තිබේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3787062655712905008

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item