රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි

රිලව් සහ වඳුරන් වැනි වගාවලට හානි කරන සතුන් දූපතකට ගෙන ගොස් දමා, දිනපතා කෑම සපයන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ...

රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි

රිලව් සහ වඳුරන් වැනි වගාවලට හානි කරන සතුන් දූපතකට ගෙන ගොස් දමා, දිනපතා කෑම සපයන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අම්බලන්ගොඩදී පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස ඉදිරිපත් කළේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

මේ වන විට 15 වැනිදා රිලවුන් සහ වඳුරන් වැනි වගාවලට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනයක් රට පුරා පැවැත්වෙමින් පවතී. වගා අස්වනුවලින් සියයට තිහක් සිට හතළිහක් අතර ප්‍රමාණයකට හානි සිදුවන්නේ මෙම වන සතුන්ගේ ක්‍රියාකලාපය නිසාය. මෙම ගැටලුව විසඳීමට අදහස් ඉදිරිපත් කරන අයගෙන් ප්‍රායෝගික විසඳුම් ලබා ගැනීම අපහසු තත්ත්වයක පවතී.

මෙම ගැටලුව විසඳීම සඳහා වගාවලට හානි කරන රිලව් සහ වඳුරන් වැනි සතුන් දූපතකට ගෙන ගොස් දමා, මිනිසුන් විසින් දිනපතා කෑම සපයන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය.

මෙම ගැටලුව විසඳීම සඳහා යම් විසඳුමක් හෝ වැඩපිළිවෙළක් අවශ්‍ය වන අතර, වන සතුන්ගේ ප්‍රශ්නයට හොඳින් සැලකීමට සූදානම් බවද ඔහු පැවසීය. මෙම ගැටලුවට විසඳුම් ඇත්නම්, ඒවා ඉදිරිපත් කිරීමට අප කැමති බවද ඔහු අවධාරණය කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2983793622975828045

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item