ගුණදාස අමරසේකර බෑන් කී මූන්ට නඩු දමයි

ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණ වාර්තාව නීතිවිරෝධි බැවින් එය බලරහිත ...

ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණ වාර්තාව නීතිවිරෝධි බැවින් එය බලරහිත කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය ගුණදාස අමරසේකර විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත සුබිනෙයි නන්දි මහතාට එන්තරවාසියක් යවා ඇත. නීතිඥ කපිල ගමගේ මහතා මගින් යොමුකර ඇති මෙම එන්තරවාසියෙහි පිටපත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මුන් හා එහි මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල්හුසෙන් යන මහත්වරුන්ට ද යොමුකර තිබේ.

2012 වසරේ සිට මේ දක්වා අවස්ථා තුනකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සම්මත වූ යෝජනා තුනම ඒකපාර්ශ්වීය බවින් යුතු බවටත් රටක් හැටියට නිල වශයෙන් පිළිතුරු දීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබා දී නොමැති බවටත් එමගින් චෝදනා කර ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා සම්මත කළ ආකාරය එක්සත් ජාතීන්ගේ හිමිකම් ප්‍රඥප්තියේ 10 වැනි පරිච්ඡේදයට අනුගත නොවන බවත් ඒ අනුව සිදුකර ඇති වැරැද්ද සම්බන්ධයෙන් සමාව භජනය කොට නැවත එවැන්නක් සිදුනොවන බවට පොරොන්දු විය යුතු බවටත් ගුණදාස අමරසේකර ඉල්ලා සිටී.

එසේ නොකරන්නේ නම් ඉදිරියේදී අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ද තම එන්තරවාසිය මගින් වෛද්‍ය ගුණදාස අමරසේකර වැඩිදුරටත් සදහන් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2967148210162831669

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item