ගෝඨාගේ 'හොර කොටි'(Operation Double Edge) ගැන හමුදාව රටට කියන්න යයි

යුද්ධය පැවති සමයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මගින් ව්‍යාජ එල්.ටි.ටි.ඊ. ඔත්තු සේවයක්‌ බිහි කර ක්‍රියාත්මක කරනු ලැබූ "Operation Dou...

යුද්ධය පැවති සමයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මගින් ව්‍යාජ එල්.ටි.ටි.ඊ. ඔත්තු සේවයක්‌ බිහි කර ක්‍රියාත්මක කරනු ලැබූ "Operation Double Edge" මෙහෙයුම පිළිබඳවත්, ඒ සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳවත් ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට යුද හමුදාව තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ව්‍යාජ එල්.ටි.ටි.ඊ. ඔත්තු සේවය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පිහිටුවා ඇති අතර, මේවනවිටත් එය ක්‍රියාත්මක වේ.

'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින 'තවේන්ද්‍රන්' නමැති අයකු විසින් මෙම ව්‍යාජ එල්.ටි.ටි.ඊ. ඔත්තු සේවය පිළිබඳව මෙන්ම, එහි රහසිගත මෙහෙයුම් රාශියක් හෙළිදරව් කර ඇත.

යුද හමුදාව ව්‍යාජ එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශයක්‌ අරඹා ක්‍රියාත්මක කළ "ඔපරේෂන් ඩබල් ඒඡ්" මෙහෙයුමේදී, මෙම තවේන්ද්‍රන් නමැත්තා එහි ක්‍රියාකාරි සමාජිකයකුව සිටිමින් හමුදාවේ සහායට කටයුතු කර තිබේ. තවේන්ද්‍රන් එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශයේ හිටපු සාමාජිකයෙකි.

රහස්‌ පොලිසිය සිදු කරන විමර්ශනයට අනුව මෙම තවේන්ද්‍රන් නැමැත්තා ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ රාජකාරි කළ හමුදා නිලධාරින් පස්‌ දෙනකු දැනට අත්අඩංගුවට ගෙන සිටියි.

ලුතිතන් කර්නල්වරුන් දෙදෙනකුද මෙසේ අත්අඩංගුවට ගෙන සිටින අතර "ඔපරේෂන් ඩබල් ඒඡ් මෙහෙයුමේ"දී ඔවුන් දෙදෙනා විසින් සුවිශේෂී කාර්යභාරයක්‌ සිදු කළ බව උසස්‌ හමුදා නිලධාරියෙක්‌ "දිවයින" පුවත්පතට පවසා ඇත.

ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන රහස්‌ පොලිස්‌ විමර්ශන සඳහා මේවනවිට යුධ හමුදාව සහාය දක්‌වන බවත්, එම පරීක්‍ෂණවල තත්ත්වය අනුව ඉදිරියේදී "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුම් සමහරක් අනාවරණය කිරීමට තිරණය කර තිබෙන බව ද ඉහත හමුදා නිලධාරියා තවදුරටත් කියා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4707138081930982684

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item