ගෑනු 100ක් දූෂණය කළැයි කිව්වට කෝටි 50ක් රන්ජන්ගෙන් ඉල්ලයි - ඔක්තෝබර් 6 රන්ජන් උසාවි

තමා කන්‍යාවන් සියයක් දූෂණය කර ඇති බව හැඟවෙන පරිදි පෞද්ගලික රූපවාහිනි නාළිකාවක සජීවී වැඩසටහනකට අසත්‍ය ප්‍රකාශයක් කළ එජාප මන්ත්‍රි රන්ජන් ර...

තමා කන්‍යාවන් සියයක් දූෂණය කර ඇති බව හැඟවෙන පරිදි පෞද්ගලික රූපවාහිනි නාළිකාවක සජීවී වැඩසටහනකට අසත්‍ය ප්‍රකාශයක් කළ එජාප මන්ත්‍රි රන්ජන් රාමනායකගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් තමාට අයකර දීමට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරුව ලියනගේ සුනිල් නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

පැමිණිලිකාර සුනිල් සිය නීතිඥවරිය වන යූ.එම්. දර්ශිකා නයෝමි මහත්මිය මඟින් නඩුවක් ගොනු කරමින් අධිකරණය හමුවේ කියා ඇත්තේ 2015 මැයි මස 25 වැනි දින ස්වර්ණවාහිනී නාළිකාවේ සජීවීව විකාශය වූ 'සංග්‍රාමය' නමැති සංවාදාත්මක වැඩසටහනට විත්තිකාර රන්ජන් රාමනායකද සහභාගි වෙමින් අදහස් දැක්වූ බවත්ය.

එසේ අදහස් දක්වමින් සිටි රාමනායක තමාගේ දේශපාලන හා පෞද්ගලික ජීවිතයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ බවද තමා විසින් කන්‍යාවන් සියයක් දූෂණය කර ඇති බවට හැඟවෙන ප්‍රකාශයන් කීපයක් ඔහු විසින් එම සජීවී වැඩසටහනේදී ප්‍රකාශ කළ බවද ඔහු කියා සිටියි. පැමිණිලිකාර සුනිල් කියා සිටින්නේ තමා ව්‍යාපාරිකයකු මෙන්ම දේශපාලනඥයකු බවත් 2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් වැඩිම මනාප ලබාගෙන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන්ද පත්ව සිටි බවත්ය.

එවැනි මහජන ප්‍රසාදයක් ලබා සිටි තමාට රාමනායක විසින් කළ ප්‍රකාශය හේතුවෙන් මානසික පීඩාවක්, අසාධාරණයක්, මෙන්ම දේශපාලන ජීවිතයටද හානියක් සිදුව ඇති බවද ඒ හේතුවෙන් බොහෝ පිරිසක් තමාව ඇසුරු කිරීමට අකැමැත්තක් මෙන්ම තමා කෙරෙහි පිළිකුලක් දක්වන බව පෙනෙන්නට තිබෙන බවද ඔහු පවසයි.
පැමිණිලිකාර සුනිල් සිය නීතිඥවරිය මඟින් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටින්නේ තමාගේ පෞද්ගලික ජීවිතයට අපහාසයක් කළ රාමනායක ගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් පොලියද සමඟ අයකර ගැනීමට තීන්දුවක් ලබා දෙන ලෙසය.

ඉහත පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කළ නුගේගොඩ දිසා විනිසුරු සහන මාපා බණ්ඩාර මහ විත්තිකාර රාමනායකට ඔක්තෝබර් මස 06 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කෙළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2625314181019163432

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item