අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය නීති විරෝධියි - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

වර්තමාන රජයේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතීඥ අරුණ ලක්ස...

වර්තමාන රජයේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතීඥ අරුණ ලක්සිරි  විසින් ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව 30 ඉක්මවිය නොහැකි බවයි.

එහෙත් වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය එම සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් කළ පෙත්සම්කරු එම නිසා අදාළ පත්කිරීම් නීතියට පටහැනි බව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අදාළ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item