සුරේන්, ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක ධූරයට
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පත් කර තිබේ. එම මහතාගේ පත්වීම 2015 ඔක්තෝබර් මාසයේ ස...

http://www.sathhanda.com/2015/09/suren-rawatte.html
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පත් කර තිබේ. එම මහතාගේ පත්වීම 2015 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය පවසා සිටියි.
වසර 30ක් ගුවන්යානා නියමුවෙකු ලෙස කටයුතු කළ රත්වත්තේ මහතා පළමු වරට සිය වෘත්තිය ආරම්භ කර ඇත්තේ එයාර් ලංකා සමාගමේ ගුවන්යානා නියමුවෙකු ලෙසයි.
විවිධ ගුවන් යානා වර්ග පැදවීමේ හැකියාවක් ඇති රත්වත්තේ මහතා ගේ ගුවන් කාලය පැය 18,000ක් ඉක්මවයි.
ප්‍රසිද්ධ මානව සාධක පර්යේෂකයෙකු හා වෘත්තිකයෙකු වන ඔහු, ගුවන්ගමන් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලිපි හා රචනා ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
කපිතාන් රත්වත්තේ එම්බ්‍රි බිඩ්ල් ගගන විශ්ව විද්‍යාලයේ උපාධි හා උසස් උපාධිධාරියෙකු වන අතර, රාජකීය ගගන සංගමයේ සාමාජිකයෙකු ද කෘති කිහිපයක කතුවරයෙකුද වේ.
ඔහුගේ විශේෂඥ දැනුම ගුවන්සමාගම් වල ජේයෂ්ඨ උපදේශාත්මක සහ කළමනාකරණ අංශයේ භුමිකාවන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඔහු, ඉතා මෑතකදී මානව එමිරේට්ස් ගුවන් සමාගමේ මානව සාධක කළමනාකරු ලෙසද කටයුතු කළේය.
Related