රාවණා රජු නැගිටවන්න කතක් රාවණා ගුහාවට රිංගති - ගුටි කති - පැන දුවති [VIDEO]
ඇල්ල වැල්ලවාය කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයේ රාවණා ඇල්ලේ ගල්ලෙනේ සිහිමුර්ජා වී සිටින බවට ජනප්‍රවාදයේ කියැවෙන රාවණා රජු නැගිට්ටවීම සඳහා යැය...

https://www.sathhanda.com/2016/03/blog-post_901.html
ඇල්ල වැල්ලවාය කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයේ රාවණා ඇල්ලේ ගල්ලෙනේ සිහිමුර්ජා වී සිටින බවට ජනප්‍රවාදයේ කියැවෙන රාවණා රජු නැගිට්ටවීම සඳහා යැයි පවසමින් මොරටුව ප්‍රදේශයේ කට්ටඬි කාන්තාවක් ඇතුළු 18 දෙනකු ඊයේ (29) ගුහාවට ඇතුළු වීම නිසා ඒ අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි. මෙම පිරිස ගුහාව තුළට ඇතුළු වී ඇත්තේ පොලිසියට කළ පෙර දැනුම් දීමකින් අනතුරුවය. ගුහාව තුළ යම් කිසි කටයුත්තක් සිදු වන බවට ගම්වාසීන් තුළ පැතිර ගිය කතාබහක් හේතුවෙන් ගම්වාසීන් දහස් ගණනක් එම ස්ථානයට රැස්ව සිටීම නිසා පොලිස් ආරක්ෂාව යෙදීමට සිදුවිය.
මීට ඉහතදීද මෙම ගුහාව සොයා ගැනීම සඳහා කට්ටඬියකු ඇතුළු පිරිසක් පැමිණි බව ගම්වාසීහු කියා සිටිති. මෙම කට්ටඬි කාන්තාව දුටු සිහිනයකට අනුව ඇය ඇතුළු පිරිස පොලිසියට දන්වා මෙම ගුහාවට පිවිසීමට පැමිණ තිබේ. තමන්ට සිහිනෙන් පෙනුණ දෙවියන් කියා සිටියේ සිහිමුර්ජා වී සිටින රාවණා අවදි කළ හැක්කේ ඔබට පමණක් බවත් අප්‍රේල් මස 10 වැනිදාට පෙර රාවණා රජු අවදි කරන ලෙස දෙවියන් පැවසූ බව ඇය කියා සිටින්නීය.
ඇය සමග ගුහාවට ඇතුළු වී ඇති පිරිස රාවණා පරපුරෙන් පැවත එන අය බවද ඒ හේතුවෙන් එම පිරිස ගුහාවට කැඳවාගෙන යන බවද ඇය පැවසුවාය. එලෙස ගමන් ගත් පිරිස අතර මන්ද මානසික පුද්ගලයෙක්ද විය. මෙම කට්ටඬි කාන්තාව මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර අනිකුත් පුද්ගලයින් රටේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මන්ද මානසික පුද්ගලයා රාවණ ඇල්ල ආශ්‍රිත කරඳගොල්ල ගමේ පදිංචිකරුවෙකි.
එම පිරිස ඊයේ (29) පෙරවරු 7.30ට පමණ ගුහාව තුළට ඇතුළු වී ඇත. එම අවස්ථාවේ ගම්වාසීන් ගුහාව ආසන්නයට පැමිණ සිටි අතර ඔවුන් පාලනය සඳහා ඇල්ල පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු ද යොදවා තිබිණි.
ගුහාව තුළට ගිය කට්ටඬි කාන්තාව කියා සිටියේ රාවණ රජු එහි සිටී නම් ප්‍රතිකාර කර හෙට (31) පැමිණෙන බවත් නොසිටී නම් ඊයේ (30) සවසම පැමිණෙන බවයි. මෙම ගුහාව ඇතුළත අඩි හාරසියයක පමණ ප්‍රපාතයක්ද ඇති අතර ඇතුළත විශාල පොකුණක්ද තිබෙන බව එහි ගිය ගම්වාසීහු කියා සිටිති.
ඇතැම් ගම්වාසීන් ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ගෙන් මුදල් අය කර ගුහාව තුළට කැඳවාගෙන යන බවද පැවසේ. ඊයේ (30) රාවණා ඇල්ල ප්‍රදේශයට දැඩි වර්ෂාවක්ද පැවැති බවත් එවැනි අවස්ථාවක ගුහාව තුළට යෑම අවදානම් සහගත බව ගම්වාසීහු පැවසූහ.
මෙම ගමන සම්බන්ධව බදුල්ල පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙකුගෙන් අප කළ විමසුමකදී කියා සිටියේ මේ පිළිබඳව සොයා බැලීමට ප්‍රදේශයේ පුරා විද්‍යා නිලධාරීන් දැනුවත් කර ඇති බවය. ගුහාව තුලට ගිය පිරිස ඊයේ පස්වරු 6.15ට පමණ ගුහාවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් 500ක් පමණ එකතුවී ඔවුන්ට පහරදී ඇත. කට්ටඩ කාන්තාව වෙනත් මාර්ගයකින් පලායාම උත්සාහ කළද එය ව්‍යවර්ථවී තිබේ
ජී. ඉන්දික වැල්ලවාය
Related