ජනපති කිවුව්ව මේ ආණ්ඩුව ඒ හැටි කල් තියෙන්නේ නෑ - විදුර

ජනපති මේ ආණ්ඩුව කෙතරම් ශක්තිමත් යැයි කීව ද වත්මන් ආණ්ඩුව ජනතාව විසින් පෙරළා දැමිය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පව...

ජනපති මේ ආණ්ඩුව කෙතරම් ශක්තිමත් යැයි කීව ද වත්මන් ආණ්ඩුව ජනතාව විසින් පෙරළා දැමිය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මෙරටගුවන් ව්දුලි සේවාවක් සමග සමග විශේෂ සංවාදයකදීයි. 

"අපි දැක්කා ජනාධිපති තුමා කියනවා 20/20 වෙනකන් මේ ආණ්ඩුව හොල්ලන්න බැහැයි කියලා. එතුමන්ලම කාලයකදි කිව්වා. මහින්ද රාජපක්ෂව හොල්ලන්න බැහැ කියලා අවුරුදු 20-30 ක් යනකන්. ඉතින් හෙල්ලුනානේ, ඒවා වෙන්ට පුළුවන්, හැබැයි හොඳට මතක තියාගන්න, ශ්‍රී ලංකාවේ මිනිස්සු හරි ඉවසිලි වන්තයි.
ඒ හින්දා විප්ලව කරන්න ඒවාට මේවට යනවට වැඩිය, වෙලාව ආපුවම ඒ කටයුත්ත කරනවා. මෑතකදි මේ අවුරුද්ද තුළම ජනවාරි මාසේ අට වෙනිදා, යම් කිසි තීරණයක් අපේ රටේ ජනතාව දුන්නා. ඒ තීරණය හා සමානවම තීරණයක් ඉදිරියේදී ජනතාව ඒ තීරණය ගනී. ඉතින් ඒක කොයි වෙලාවේ එයිද දන්නෙ නෑ" යයි වැඩි දුරටත් ඔහු පැවසුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6823779492277028493

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item