හිටපු නාවික හමුදාපතිවරු 3ක් බරපතළ වංචා දූෂණ ජනපති කොමිසමට
'රක්නා ලංකා' ආරක්ෂක සමාගමේ සිදු වූ බව කියන බරපතළ වංචා දූෂණ සිද්ධීන් පිළිබඳව ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු නාවික හමුදාපත...
http://www.sathhanda.com/2015/10/former-navi-commanders-to-predidents-commision.html
'රක්නා ලංකා' ආරක්ෂක සමාගමේ සිදු වූ බව කියන බරපතළ වංචා දූෂණ සිද්ධීන් පිළිබඳව ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඉදිරි දින කිහිපය තුළදී බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් කරනු ලැබු පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළි කරගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා මෙලෙස කොමිසම හමුවට කැඳවීමට නියමිත බවද සඳහන් වේ.
මෙලෙස කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත්තේ අද්මිරාල්වරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාය.
මෙම සිද්ධිය පිළිබඳව සාක්ෂි ඉදිරියේදී විභාග කිරීමට නියමිතව තිබියදී එහි විමර්ශන නිලධාරීන් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළි කරගැනීමට හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔවුන් කැඳවීමට නියමිතව ඇත.
Related