වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු සොයා මෙහෙයුම් - සම්පූර්ණ විස්තරේ මෙන්න

මෙම සිදුවීම මුල් කරගෙන සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අඛණ්ඩ...

වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු සොයා මෙහෙයුම් - සම්පූර්ණ විස්තරේ මෙන්න

මෙම සිදුවීම මුල් කරගෙන සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

32 හැවිරිදි වෛද්‍යවරිය ඊයේ රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා රෝහලේ සේවයට වාර්තාකර තිබුණි. රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි නිල නිවාසය දක්වා ගමන් කර ඇත. එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි පුද්ගලයෙකු පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇත.

අනතුරුව, වෛද්‍යවරියගේ මුඛය බැඳ, නිල නිවසේ දොර විවෘත කරවාගත් පුද්ගලයා, ඇය රැගෙන නිවස තුළට ඇතුළු වී දොර වසා දමා ඇත. එහිදී සැකකරු වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, දූෂණයට ලක්කර ඇත.

සිද්ධියෙන් පසු සැකකරු පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනය. වෛද්‍යවරිය රෝහල් වාට්ටුවට පැමිණ සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරීන් රෝහල් පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් පසු අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක්ද ගොනු කළේය.

සැකකරු සොයා ප්‍රදේශය පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටින බව අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු, වෛද්‍යවරියන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ, සැකකරුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්, එසේ නොවුණහොත් වැඩවර්ජනයකට අවතීරණය වන බවත්ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට දැනටමත් හඳුනාගෙන ඇති බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8592442055623871440

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item