අධිබල විදුලි රැහැන කඩාවැටී 3දෙනෙකු මියයයි [PHOTOS]

වෑන් රථයකට අධිබලැති විදුලි රැහැනක් කඩාවැටීමෙන් ගාල්ල ගින්තොට ප්‍රදේශයේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම වෑන් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ ...

වෑන් රථය මතට අධිබලැති විදුලි රැහැනක් - සෙබළු තිදෙනෙක් මරුටවෑන් රථයකට අධිබලැති විදුලි රැහැනක් කඩාවැටීමෙන් ගාල්ල ගින්තොට ප්‍රදේශයේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම වෑන් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ රියදුරු පාසලකට අයත් රථයක් බවත්, අනතුර සිදුවන විට රියදුරු සමග පුහුණුව ලබන්නන් 8 දෙනෙකු එහි ගමන්කරමින් සිට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

විදුලි රැහැන කඩාවැටීමෙන් පසු රථය ක්ෂණිකව ගිනි ගෙන ඇති බවත්, තුවාල ලබා ගාල්ල කරාපිටියි රෝහලට ඇතුළත් කළ පිරිසෙන් තිදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සඳහන්ය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4623428271171955753

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item