යහපාලනයට රෙදි නැතිව කඩේ ගිය අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපති නිලංග සමරසිංහ ඉවතට

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්හට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස සහ යහපාලනය වෙනුවෙන් සිරිකොතේ මාධ්‍ය හමු පැවැත්වූ අන්තරායකර ...

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්හට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස සහ යහපාලනය වෙනුවෙන් සිරිකොතේ මාධ්‍ය හමු පැවැත්වූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය ඊයේ (05 වැනිදා) පියවර ගෙන ඇත.

වෛද්‍ය නිලංග සමරසිංහ වෙනුවට නව සභාපති ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වන එච්. එම්. සිරිසේන හේරත් පත්කර ඇත.

1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල පනතේ පරිච්ඡේද අංක 03 මගින් ඇමැතිවරයා වෙත පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස සිරිසේන හේරත් මහතා පත්කර ඇති බව නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන ද නොමැති ලිපියක්‌ මගින් වෛද්‍ය සමරසිංහට දැනුම් දී ඇත.

එහෙත් මෙම ඉවත් කිරීම සිතාගනීමටවත් නොහැකි බව ඔහු පවසා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6550181355171795524

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item