ප්‍රංශ ප්‍රහාරයට කොටි ගෑවෙයි

පැරිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌ත කණ්‌ඩායමේ හත්දෙනකු පැළඳ සිටි පුපුරන ද්‍රව්‍ය අඩංගු කබාවල තාක්‌ෂණයට කුර්දි ත්‍රස්‌තයන්ගේ සහ හි...

පැරිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌ත කණ්‌ඩායමේ හත්දෙනකු පැළඳ සිටි පුපුරන ද්‍රව්‍ය අඩංගු කබාවල තාක්‌ෂණයට කුර්දි ත්‍රස්‌තයන්ගේ සහ හිටපු කොටි ත්‍රස්‌තයන්ගේ සබඳතාවක්‌ තිබේදැයි ප්‍රංශ පොලිසිය හා ඉන්ටර්පෝල් පොලිසිය ඒකාබදධව පරීක්‌ෂණ අරඹා ඇත.

වන්නි මෙහෙයුම අවසාන වීමට පෙර කොටි පුපුරන ද්‍රව්‍ය විශේෂඥයන් හා බෝම්බ කබා එකලස්‌ කරන්නන් කීපදෙනකු යුරෝපා රටවලට පැන ගොස්‌ තිබේ.

ඉන්ටර්පෝල් පොලිසියට අවශ්‍ය කළ ධර්මරාජන් නමැති කළු කොටි ත්‍රස්‌තයාද මාස කීපයකට පෙර ප්‍රංශයේ සිටියදී ප්‍රංශ පොලිසියට අසුවී ඇතත් ඔහු ප්‍රංශයේ සිටින බව ප්‍රංශ පොලිසියට වාර්තාවී නොතිබුණි.

පැරිසියේදී ත්‍රස්‌තයන් හත්දෙනා පුපුරුවා ගත් බෝම්බ කබායන්හි තාක්‌ෂණයද කොටි ත්‍රස්‌තයන්ගේ තාක්‌ෂණ ක්‍රමවේදයට සමාන යෑයි හෙළිවී ඇත.

පැරිස්‌ ප්‍රහාරයට යොදාගත් බෝම්බ කබා එම කබා එකලස්‌ කිරීම සිදුකරන විශේෂඥයකුගේ නිර්මාණයක්‌ බව හෙළිවී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3312728166529429702

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item