ගුණරත්නම්ව අත් අඩංගුවට ගැනීම රතු අලිපැටියා කල ඉල්ලීමක් !

ආගමන නීති රීති උල්ලංගනය කරමින් මෙරට ‍රැඳී සිටින පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නයකයා ලෙස සැලකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම ජනතා...

ආගමන නීති රීති උල්ලංගනය කරමින් මෙරට ‍රැඳී සිටින පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නයකයා ලෙස සැලකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් ආණ්ඩුවේ ඉහළම නායකයකුගෙන් කළ දැඩි ඉල්ලීමක් මත සිදුව ඇති බව අප වෙත වාර්තාවේ.

ඊයේ දින (03) සිදුකෙරුණු සරසවි ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක දැවැන්ත පාගමන හේතුවෙන් ආණ්ඩුවත් විශේෂයෙන්ම ජවිපෙත් බරපතල ගැටළුවකට මුහුණ දී තිබිණ. මේ අනුව ඉදිරියේදී ආණ්ඩුවට විශාලම අභියෝගය එල්ල වන්නේ ශිෂ්‍යන්ගෙන් බවත් මෙම ශිෂ්‍යයන් සංවිධානය කිරීම පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ ගුණරත්නම් විසින් සිදු කරන බවත් දිසානායක ආණ්ඩුවේ මෙම ප්‍රධානියාට පෙන්වා දී තිබේ. ඔහුව වහාම අත් අඩංගුවට ගෙන පි‍ටුවහල් නොකළ හොත් ආණ්ඩුවටත් ජවිපෙටත් විශාල දේශපාලන අර්බූදයටකට මුහුණ පැමටත් සිදුවන බවත් ඔහු අවධාරණය කර තිබේ.

ආගමන නීති රීති උල්ලංඝනය වීමක් සිදුව තිබුණද ඔහුව ලුහු බැඳ ගොස් අත් අඩංගුවට ගැනීම ආණ්ඩුව විසින් සිදු කළේ නැත. සිවිල් සමාජයෙන් එල්ල වූ බලපෑම ඊට හේතුවී තිබිණි. ගුණරත්නම් මෙරට පුරවසියකු බව සත්‍යයකි. නමුත් ඔස්ට්‍රේලියානු පුරවැසියකු ලෙස ඔහුට මෙරට දේශපාලනය කිරීම සඳහා නීතියෙන් ඉඩක් නොලැබිමේ ගැටලුව ඔහු හමුවේ තිබු අතර මෙරට ‍රැඳී සිටීම සඳහා වන වීසා කාලය අවසන් වීමද ඔහුව අත් අඩංගුවට ගැනිමට තරම් හේතුවකි. එහෙත් එය පසුගිය කාලයේදි ආණ්ඩුව විසින් නොතකා හරිනු ලැබීය. එහෙත් පසුගිය මහ මැතිවරනයේදී පෙර‍ටුගාමි පක්ෂයේ ජාතික ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් වූයේ ගුණරත්නගේ නමය. ඊට කිසිවකුගෙ හෝ විරෝධයක් එල්ල නොවුනු අතර මැතිවරණ කොමසාරිවරයද ඒ පිළිගෙන තිබිණි.

අනුර දිසානායකට දේශපාලනයේ අයන්න ආයන්න උගැන්වූ දේශපාලන ගුරුවරයා වන්නේද ගුණරත්නම්ය. ඔහුව ජවිපෙ තුලට ‍රැගෙන ආවේද ගුණරත්නය. එහෙත් දිසානායක ප්‍රසිද්ධියේම පවසන්නේ කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු හඳුන්නේවත් නැති බවය. කවරෙකු වූවත් , දේශපාලන මති මතාන්තර කවරක් වූවත් තමන්ගේ ගුරුවරයාව අමතක වීමත්, ඔහුව ද්‍රෝහියකු කර පාවාදී මරණ මංචකයට ඇද ගෙන යාමට කටයුතු කිරීමත් අතිශය ලැජ්ජා සහගතය. නින්දා සහගතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3063483741393347440

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item