මහින්දට විරුද්ද වූ ෆවුසි-ෆයිසර් ඩබල නිසා මුස්ලිම් සමළුව උණුසුම්, ෆවුසි-ෆයිසර් ඩබලට කුණු බැණුම්

කොළඹදී පැවැති ශ්‍රීලනිප මුස්ලිම් සම්මේලනයේදී ෆයිසර් මුස්තාපා හා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය ...

කොළඹදී පැවැති ශ්‍රීලනිප මුස්ලිම් සම්මේලනයේදී ෆයිසර් මුස්තාපා හා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරමින් කළ කතාවක් හේතුකොටගෙන ඊට සහභාගි වූ මුස්ලිම් ජනතා නියෝජිතයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

විශාල ගාලගෝට්ටියක් දක්වා මෙම විරෝධතාව මතුව එද්දී ඉදිරිපත් වූ රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා මැදිහත් වී තත්ත්වය සමනය කරන්නට උත්සාහ කර ඇත.
පෙරේදා (31) පෙරවරුවේ මෙම සමුළුව පැවැත්වී ඇත්තේ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසේදීය.

මුස්ලිම් ජනතාව මුහුණපාන ගැටලු සහ ලබන පළාත් පාලන මැතිවරණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇති අතර ඒ අතරවාරයේ ෆයිසර් මුස්තාපා හා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව විවේචනය කරමින් කතා කිරීමත් සමග මෙම විරෝධය එල්ල වන්නට පටන් ගත් බවද ඒ සඳහා සහභාගි වූ මන්ත්‍රී පිරිසක් රිවිරට ප්‍රකාශ කළහ.

“මෛත්‍රී ජනාධිපතිවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයට නායකත්වය ලබා දෙමින් එය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව මෙවර මැතිවරණයේදී මාකට් කළ නොහැකි බවත් ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ෆවුසි අමාත්‍යවරයාගේ කතාවෙන් පසුව නැගී සිටි කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායක, කුරුණෑගල නාගරික මන්ත්‍රී අබ්දුල් සහාර් මහතා ජනවාරි 08 වැනිදා වනතුරු මහින්ද රාජපක්ෂ මහතාට ජය ලබාදෙන ලෙස ඉල්ලමින් මුස්ලිම් ජනතාව අතරට ගිය ෆවුසි අමාත්‍යවරයාට ඉන් පසුවදා සිට මහින්ද රාජපක්ෂ මහතා නරක් වූයේ කෙසේදැයි මෙහිදී ප්‍රශ්න කර තිබේ.

බේරුවල සිද්ධිය පිළිබඳව එක් මන්ත්‍රීවරයකු විවේචනාත්මකව අදහස් දක්වද්දී එය වෙනත් කුමන්ත්‍රණකාරී බලවේගයක ප්‍රතිඵලයක් බව මේ වන විට මුස්ලිම් ජනතාවට අවබෝධ වී ඇතැයි සඳහන් කළ පානදුර හිටපු නගරාධිපති ලබුහාස් මහතා අදහස් දක්වද්දී ඒ සඳහා කොමිසමක් පත් කළහොත් ඒ සියලු කාරණා අනාවරණය කරගත හැකිවනු ඇතැයි වත්තල හිටපු නගරාධිපති නවුෂාඩ් මහතා පවසා ඇත.

මේ අතරවාරයේ පිරිස මැදට පැමිණ ඇති හිටපු පළාත් සභා මන්ත්‍රී නවුෆර් ෆවුසි මහතා මහින්ද රාජපක්ෂගෙන් කාපු ගුණයවත් මේ අයට නැතැයි දැඩි විවේචනාත්මකව අදහස් දක්වා තිබේ.

තමන් බොහෝ දෙනෙක් දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා නිසා බවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් හිත දිනාගෙන තමන්ගේ ඇමැතිකම් ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාව විවේචනය කරන බවත් අබ්දුල් සහාර් මන්ත්‍රීවරයා පවසද්දී ෆයිසර් මුස්තාපා හා ෆවුසි අමාත්‍යවරුන් නිහඬව සිට තිබේ.

මේ තත්ත්වය ගාලගෝට්ටියක් දක්වා වර්ධනය වෙද්දී ඊට මැදිහත් වූ හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා මුස්ලිම් ජනතාව අතර මහින්ද රාජපක්ෂ මහතා මාකට් කළ නොහැකි බව ඇතැමුන් කීවත් සිංහල ජනතාව අතරේ මෛත්‍රීපාල සිරිසේන මහතා මාකට් කළ නොහැකි බව පවසමින් මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව කිසිසේත්ම සිංහල ජනතාව අතරට යාමට ශ්‍රීලනිපයට නොහැකි බවද ප්‍රකාශ කර ඇත.

ෆවුසි අමාත්‍යවරයා වසරකට වරක් හැමදාමත් මුස්ලිම් ජනතා නියෝජිතයන්ව කොළඹට කැඳවා කෑම දී බොරු කර තමන්ව රවටන බවද මෙහිදී නැවත වරක් අබ්දුල් සහාර් මන්ත්‍රීවරයා අදහස් දක්වද්දී හිස්බුල්ලා මහතා නැවත ඉදිරිපත්ව තත්ත්වය සමනය කර තිබේ.

මේ අතර වත්තල මාබෝල නගර සභාවේ හිටපු නගරාධිපති මොහොමඩ් නවුෂාද් මහතාද අදහස් දැක්වීය.

ඊශ්‍රායලයට උදව් උපකාර කිරීම සඳහා රජය කටයුතු කරන බවත් ඉන් මෙරටට අවාසි සිදුවීමට ඉඩ ඇති බවත් පක්ෂයක් ලෙස පලස්තීනය සමග තිබූ මිත්‍රත්වය ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් ඔහු කියා සිටියේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. මස්තාන් මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

රුචිර දිලාන් මධුසංඛ




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3926605304099506984

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item