හේතුව, අහේතුව, සේතුව සහ වලත්ත සේතුවා

සුමංගල ශබ්දකෝෂය සම්පාදනය කළ අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත හිමිපාණන්ට අනුව හේතුව යනු කාරණය හෝ නිමිත්තයි. මේ නිමිත්ත යන පදය ලිංගය යන පදයටද සමාන ප...

සුමංගල ශබ්දකෝෂය සම්පාදනය කළ අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත හිමිපාණන්ට අනුව හේතුව යනු කාරණය හෝ නිමිත්තයි. මේ නිමිත්ත යන පදය ලිංගය යන පදයටද සමාන පදයකි. සිදත් සඟරාවට අනුව නම් හෙළ බසෙහි වනුයේ පුරුෂ ලිංගය සහ ස්ත්‍රී ලිංගය පමණි නපුංසක ලිංගයක් නොමැත. නමුත් අද සිංහල භාෂාවේ පමණක් නොව සමාජයේද නපුංසක ලිංගයක් ඇත. කාලයත් සමග භාෂාව මෙන්ම සමාජයද විකාශනය වීම එයට හේතුවයි. යම් ක්‍රියාවක් හෝ නොකරහැරීමක් සම්බන්ධයෙන් හේතුව ඉතා වැදගත්ය. හේතු දැක්වීම ඕනෑම අධිකරණ තීන්දුවකදී ඕනෑම විනිශ්චයකාරවරයකු විසින් කළ යුතුමය. හේතුවක් නොමැති තත්වය නම් අහේතුවයි. 

පහල අධිකරණයන් එනම් මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණයන් සඳහා විනිශ්චයකාරවරුන් බඳවාගනු ලබන්නේ තරඟ විභාගයකින් සමත්වන නීතිඥයන් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කිරීමෙනි. ඉහළ අධිකරණයන් එනම් මහාධිකරණය, අභියාචනා අධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වැනි අධිකරණයන් සඳහා සඳහා විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට යටත්ව ජනාධිපතිවරයාට පැවරී ඇත. 

බොහෝ බටහිර රටවල් සහ ඇතැම් ආසියානු රටවල් පුරුෂද නොවන ස්ත්‍රීද නොවන පුද්ගල කණ්ඩායම තුන්වන ලිංගයට අයත් ලෙස සලකන අතර ඒ සඳහා නීතිමය පිළිගැනීමද ලබාදී ඇත. එම ලිංගයට අයත් පුද්ගලයන් බොහෝ පිළිගත් වෘත්තීන්හි යෙදෙතත් නීතිඥයන් හෝ විනිශ්චයකාරවරුන් ලෙස සේවය කරණ බවට වාර්තා නොවේ. ශාසනික විනය නීතීන් අනුව මේ පුද්ගල කණ්ඩායමට අයත් තැනැත්තන්හට පැවිද්ද නොලැබේ. බුදුන්වහන්සේ විසින් මේ පුද්ගල කණ්ඩායම අධික වූ රාග චිත්තවේගයන් ඇත්තන් ලෙස දැකීම් එයට හේතුවයි. 

“සෙතු” යන්න හේතුව, කාරණය, නිමිත්ත, ඒදණ්ඩ සහ පාලම යන අර්ථයෙන්ද යෙදෙන බව යන සුමංගල ශබ්දකෝෂයේ සඳහන්ය. “සේතු සමුද්‍රම්” යනු පෝක් සමුද්‍රසන්ධිය ගැඹුරු කරමින් විශාල නෞකා වලට ඒ හරහා යාත්‍රාකිරීමට අවස්ථාව සලසන ඉන්දියානු ව්‍යාපෘතියකි. අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත හිමිපාණන් යනු ප්‍රාචීන භාෂා විශාරදයෙකි. එම දැනුමෙන් බිඳක් හෝ අපට නොමැත. අපගේ අදහස වනුයේ පාලි භාෂාවේ එන “සෙතු” යන්න ආශ්‍රයෙන් හින්දි භාෂාවේ “සේතු” යන පදය නිර්මාණය වූ බවය. පාලි වචන සඳහා හල් කිරීම නොයෙදේ. ඒ වෙනුවට එකිනෙක හා ස්පර්ශවන ලෙස පාලි අක්ෂර ලියවෙයි.

පාලි භාෂාව භික්ෂුවකගේ ධර්මඥානය සඳහා අතිශය වැදගත්ය. මක්නිසාද යත් බොහෝ ධර්මග්‍රන්ථ ලියවී ඇත්තේ එම බසින් බැවිනි. භාෂා දැනුම භික්ෂුවකගේ සන්නිවේදන හැකියාව පෝෂණය කරයි. සන්නිවේදන හැකියාවෙන් යුතු භික්ෂූහු ධර්මග්‍රන්ථ පමණක් නොව නවකථා වැනි දේ ද ලියති. “පැලෑනෙන් වෙන්කළ ඉඩම්” යන සම්මානනීය නවකථාව රචනා කරණ ලද්දේ වීරපොකුණේ උපරතන හිමියන් විසිනි. “මුදලිහාමි” යන උඩරට ඉඩම් අහිමි ගොවියා ජනපදකරණය යටතේ පොළොන්නරුවට ගොස් යම් ප්‍රමාණයක ධනවතෙකු වනසැටි ඉතා රසවත් ලෙස එම කෘතියේ විස්තර කෙරෙයි. මේ කෘතියේ මුල්භාගයේදී එන චරිතයකි “වලත්ත සේතුවා”. නමුත් මුල්භාගයේ සඳහන් වන “රතු මාටිං” සහ “ඒබරං” වැනි චරිත මුදලිහාමිත් සමග අගභාගය දක්වා විකාශනය වනමුත් “වලත්ත සේතුවා” එසේ නොවේ. ඇතැමිවිට මුලට යෙදෙන විශේෂණයෙන්ම පැහැදිලිවන “වලත්ත සේතුවා” ගේ චරිතය නවකථාවකදී වඩාත් අනාවරණය කිරීම අයෝග්‍ය යැයි වීරපොකුණේ උපරතන හිමියන් සිතුවාවන්නට පිළිවන.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 815374472015338492

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item