සිසුන්ට පහරදීම ගැන මං උත්තර දෙන්නේ රතුපස්‌වල ලේ නොගෑවුණු අයටයි - තරුණ ජීවිත 60000 කගේ ලේ ගෑවුණු අගමැති කියයි

සිසු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී උත්තර දෙන්නේ රතුපස්‌වල සහ කටුනායක සිද්ධිවලින් අත්වල ලේ නොගෑවුණු විපක්‍ෂ නායක සම්පන්දන් සහ...

සිසු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී උත්තර දෙන්නේ රතුපස්‌වල සහ කටුනායක සිද්ධිවලින් අත්වල ලේ නොගෑවුණු විපක්‍ෂ නායක සම්පන්දන් සහ විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක යන අය කරන ප්‍රශ්න කිරීම්වලට පමණක්‌ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්‍ෂ නායක ආර්. සම්පන්දන්, විපක්‍ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක සහ දිනේෂ් ගුණවර්ධන සිසු ප්‍රහාරය පිළිබඳ ආණ්‌ඩුවෙන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් අගමැතිවරයා මෙසේ ද කීය.

විපක්‍ෂ නායකතුමාට ස්‌තුති කරනවා මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම ගැන. ඔහු දකුණට හා උතුරට බලපාන ප්‍රශ්න එක වගේම සලකනවා. ඔබ විපක්‍ෂයේ සැබෑ ජාතික නායකයෙක්‌. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයාත් මේ ප්‍රශ්නය විමසුවා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ සිටින පක්‍ෂ දෙක මේ පක්‍ෂ දෙක විතරයි. මොකක්‌ද මේ ඒකාබද්ධ විපක්‍ෂය කියලා කියන්නේ.

එහෙත් මෙහි ඇති හාස්‍යට කරුණ නම මෙරට ඉතිහාසයේ 60000 ක තරුණ ජීවිත බිලිගත් ඒ ලේ තවරා ගත් අගමැති කෙනක් මෙවන් ප්‍රකාශ කිරීමයි. පසුගිය කාලය පොලිසිය පහරදීමක් කල විට එය මහින්ද හෝ ගෝඨාබය විසින් සිදු කරනු ලැබීමත් දැන් පහර දෙන විට එය පොලිසිය විසින් කරනු ලැබීමත් ලෙස දැකීමට යහපාලනයට කඩේ යන පිරිසගේ යහපාලනය කොතරම් අගනේදැයි සිතේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8381944959566046029

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item