මෙගාවොට් 100 ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට සමෘද්ධි බැංකුවෙන් රු.බිලියන 17ක්

මෙගාවොට් 100කින් යුත් ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුළං බලාගාර උද්‍යානය, මන්නාරම් ප්‍රදේශයේ ඉදිකිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ...

මෙගාවොට් 100කින් යුත් ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුළං බලාගාර උද්‍යානය, මන්නාරම් ප්‍රදේශයේ ඉදිකිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ උපදෙස් පරිදි මේ වනවිට සැලසුම් සකස් කෙරෙමින් පවතී.

මෙම සුළං බලාගාර ව්‍යාපතිය සඳහා සමෘද්ධි බැංකුව මගින් දිවිනැගුම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රු.බිලියන 17 ක මූල්‍ය ප්‍රථිපාදන සැපයීමට එකඟත්වය ප්‍රකාශ කර ඇති අතර එය මුළු මුදලින් 70‍% කි. ඉදිකිරීම් වෙනුවෙන් වැයවන ඉතිරි 30‍%ක මුදල ලංකා විදුලිබල මණ්ඩලය මගින් සපයනු ලැබේ.

මන්නාරම් දූපතේ දකුණු වෙරළ තීරයේ මෙම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය තාවකාලික අභිප්‍රය අනුමැතිය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් දැනටමත් නිකුත්කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6822447880964683680

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item