හස්බන්ඩ් ඉන්නේ බහරේන් රටේ - හැමදාම එයා එහේ ඉන්නේ නැහැ

කොහොමද තරුෂි පුංචි පුතා එක්ක ගෙවෙන ජීවිතේ? ඇත්තටම හරිම සුන්දරයි. චූටි පැටියා තමයි මගේ ලෝකේ. දැන් පුතා දඟයි. ඒ වගේම හරි හුරතල්. ඉතින් එයත...

කොහොමද තරුෂි පුංචි පුතා එක්ක ගෙවෙන ජීවිතේ? ඇත්තටම හරිම සුන්දරයි. චූටි පැටියා තමයි මගේ ලෝකේ. දැන් පුතා දඟයි. ඒ වගේම හරි හුරතල්. ඉතින් එයත් එක්ක හරිම සතුටින් කාලය ගත කරන්නේ. 

පුතාගේ ලෝකෙන් දැන්ම එළියට එන්න අදහසක් නෑ වගේ? එයාගේ ලෝකේ තමයි වැඩිපුරම ඉන්න කැමැති. මොකද මේ කාලෙනේ එයා ළඟින්ම ඉන්න ඕනේ. මාත් ආසාවෙන් එයා ළඟ ඉන්නේ.

තරුෂි රංගනයෙන් අෑත් වෙන්න හදනවා කියන්නේ ඇත්තද?රංගනයෙන් අෑත් වෙන්න මට බැරි වෙයි. මොකද රංගනය කියන්නේ මම හොයාගෙන ආපු දෙයක් නෙවෙයි. මේක මට ලැබිච්ච වරමක්. ඉතින් මම ඒ දේ නැතිකර ගන්නේ කොහොමද? හැබැයි මේ දවස්වල නම් පුතා එක්ක ඉන්න ඕන නිසා වැඩ ටිකක් අතහරින්න වුණා. අඩුගානේ අවුරුද්දක්වත් ඉඳලා ආයෙම වැඩ පටන්ගන්නවා.

ආයෙම රංගනයට එන්න හදද්දි තරුෂිට තියෙන ඉල්ලුම ඒ විදියටම තියෙයිද? අපිට තියෙන ඉල්ලුම හැමදාම එක තැන තියෙයිද කියලා අපිට කියන්න බැහැ. හැබැයි දැනට මට එහෙම ඉල්ලුමේ අඩුවක් දැනෙන්නේ නැහැ. මට තාමත් වැඩවලට ඉස්සර වගේම කතා කරනවා. මමයි ලැබිච්ච අවස්ථා මඟහැරියේ. කොහොම වුණත් මට හදිසියක් නැහැ. ලැබෙන විදියට හොඳ දෙයක් කරනවා.

සැමියා විදේශගත වුණාලු නේද? ඔව්. ඒ නිසා මගේ වගකීම් වැඩි වුණා. හස්බන්ඩ් ඉන්නකොට එයා පුතාගේ ගොඩක් වැඩවලට උදවු කළා. හැබැයි එයා විදේශගත වුණාට නිතර අපි ගැන හොයලා බලනවා. අපේ අම්මයි එයාගේ අම්මයි මගේ නංගිත් ගොඩක් උදවු කරනවා. ඒක මට ලොකු හයියක්.

පුතාව දාලා විදේශගත වෙන්න සැමියා කැමැති වුණාද? එයා පුතාට පුදුම විදියට ආදරෙයි. ඒ නිසා පුතාව දාලා යන්න දුක් වුණා. යන්නත් අදිමදි කළා. එයාගේ හිත මටවත් හදාන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒත් මේක එයාට ලැබුණු හොඳ අවස්ථාවක්. එයා පුතාට මාස හතරක් වෙනකල් එයාගේ හුරතල් බල බල ළඟ හිටියා. ලැබුණ අවස්ථාවත් හොඳ නිසා අමාරුවෙන් හරි විදේශගත වෙන්න හිත හදාගත්තා. එහේ ගියත් නිතර පුතා ගැන, මං ගැන හොයලා බලනවා.

තරුෂිත් සැමියා ළඟට යන්න හදනවා කියලා ආරංචියි?හස්බන්ඩ් මාස තුනකින් ලංකාවට එනවා. මාත් එයා ළඟට යනවා එනවා.

දිගටම විදේශගත වෙලා ඉන්නේ නැද්ද? ඒක හරියට කියන්න බැහැ. මොකද හස්බන්ඩ් කිව්වොත් දිගටම එහේ ඉන්න කියලා මට එහේ ඉන්න වෙනවා. ඒක දෛවය තමයි.

පසුගිය කාලේ සම්මානයකුත් ලැබුණා. රංගනයේ තවත් දිග ගමනක් තියෙද්දි ඒ වගේ තීරණයක් ගන්න එක අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද? මෙහෙමයි. සදාකාලිකවම එහේ ඉඳියි කියලා කියන්න බැහැ. හස්බන්ඩ් ඉන්නේ බහරේන්වල. දැන් රට ඉඳන් එන යන එක ලොකු ගැටලුවක් නෙවෙයි. ඒ නිසා මට ගිහින් ඇවිත් රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. මට ගොඩක පේන්න ඉන්න ඕනේ නෑ. මතක හිටින නිර්මාණ එකකට දෙකකට සම්බන්ධ වුණත් ඇති.

තරුෂි සැමියා ළඟට යන්නේ කවද්ද? කවද්ද යන්නේ කියලා තාම හරියට තීරණය කරලා නැහැ.

පුතාව විදේශ අධ්‍යාපනයකට යොමු කරන්නද අදහස? මම කැමැතියි පුතාට ලංකාවේ අධ්‍යාපනය ලබාදෙන්න. කොහොම වුණත් කොහේ ඉගෙන ගත්තත් අම්මා කෙනෙක් විදියට මට පුළුවන් පුතාට සිරිත් විරිත්, හොඳ පැවැතුම් උගන්වන්න.

ගොඩක් නිළි අම්මලා බබා ලැබිලා ටික කාලයකින් ශරීරයේ හැඩය තිබ්බ තත්ත්වයට හදාගන්න මහන්සි වෙනවා. තරුෂි නම් තාම ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ නැති හැඩයි? මට තාම කෙට්ටු වෙන්න මහන්සි ගන්නේ නැහැ. මම කොහොමත් කන ප්‍රමාණය අඩුයි. බබාට තාම කිරි දෙන නිසා අවශ්‍ය විදියට කෑම ගන්නවා. කොහොම වුණත් මම කෙට්ටු වෙනවා. ඒක ඉක්මනට කරගන්න කියලා නම් අදහසක් නැහැ.

මොනවද ඉදිරි බලාපොරොත්තු කියලත් කියමු? පුංචි පුංචි හීන ගොඩක් තියෙනවා. අපේම කියල තැනකට යන්නත් අදහසක් තියෙනවා. පුංචි පුංචි හීන හැබෑ කරගෙන සතුටින් ජීවත් වෙන්න තමයි හිතන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 954507066160914545

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item