හිරුණිකාගේ දුරකතන සංවාද වාර්තා ඉල්ලා නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ඇයගේ ආධාරකරුවන් අතර සිදු වූ දුරකතන සංවාද වාර්තා...

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ඇයගේ ආධාරකරුවන් අතර සිදු වූ දුරකතන සංවාද වාර්තා ලබාදෙන ලෙස ඩයලොග් ආයතනයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (23) නියෝග කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය මහේස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර ඇත.

දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැර ගෙනයාමට අදාළ සිදුවීමට තමාගේ ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තිබීම සත්‍යයක් වුව ද එය තමාගේ අනුදැනුමකින් වූ දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මීට පෙර සඳහන් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2865508329715130344

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item