භික්ෂු පනතෙන් සෙතක් නෑ

ථෙරවාදී භික්ෂු කථිකාවත් පනත තුළින් ශාසනයට උන්නතියක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජ...

ථෙරවාදී භික්ෂු කථිකාවත් පනත තුළින් ශාසනයට උන්නතියක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ තංගල්ල උස්වැව ගුරුගොඩැල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින්. භික්ෂූන් වහන්සේ නොමැතිව පන්සල් වැසී යන තත්ත්වයක් උදා වී ඇති අවස්ථාවක මෙවැනි පනතක් ගෙන ඒම පිළිබඳ යළි සිතා බැලිය යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ.රටේ ප‍්‍රශ්න ඇති වූ අවස්ථාවේ භික්ෂූන් වහන්සේ ඉදිරියට පැමිණ රට බේරාගත් බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඉදිරියේදී එම තත්ත්වයට ද කිසියම් බලපෑමක් එල්ල විය හැකි බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9111890420532353032

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item